ඉරාන යුද්ධ තෙල් අර්බුදය හමුවේ පිලිපීනය දින 4ක වැඩ කාල සටහනකට මාරුවේ

ඉරාන යුද්ධය මධ්‍යයේ ඉන්ධන මිල වේගයෙන් ඉහළ යාමත් සමඟ තෙල් හිඟයෙන් පෙළෙන පිලිපීනය දින හතරක වැඩ සතියකට මාරු වීමට නියමිත බව ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් මාකෝස් පවසනවා.

ඉරානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර යුද්ධය හේතුවෙන් ඇති වී ඇති ආර්ථික බලපෑම ලිහිල් කිරීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සඳුදා සියලුම රජයේ කාර්යාල මෙම ක්‍රමයට මාරු වන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ලෝකයේ තෙල් සැපයුම් ප්‍රවාහනයෙන් පහෙන් එකක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලබන සතියේ පෙට්‍රල් ලීටරයක් පෙසෝ 7.48 කින්, ඩීසල් පෙසෝ 17.28 කින් සහ භූමිතෙල් පෙසෝ 32.35 කින් (ඇමරිකානු ශත 13-55) දේශීය තෙල් මිල ඉහළ යාමට නියමිත බවද ඔහු නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

“අපි අපේ තේරීමක් නොවන යුද්ධයක ට ගොදුරු වී සිටිනවා.” මාකෝස් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එය කවදා අවසන් වේදැයි අවිනිශ්චිත බවයි.

පිලිපීනය තම බොරතෙල් වලින් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිගින් ආනයනය කරන අතර විදුලිය ජනනය කිරීම සඳහා තවමත් තෙල් මත පදනම් වූ බලාගාර මත රඳා පවතී.

Latest News

error: Content is protected !!