තෙවැනි වරටත් T20 ලෝක කුසලනය ඉන්දියාවට…

2026 ICC Men’s T20 ලෝක කුසලානයේ අහමදාබාද්හිදී පැවති අවසාන මහා තරගයේදී නවසීලන්තය ලකුණු 96 කින් පරාජය කරමින් සිය වාර්තාගත තෙවැනි T20 ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (මාර්තු 08) සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව T20 ලෝක කුසලානය තුන් වරක් දිනාගත් පළමු කණ්ඩායම ලෙසත්, එම ශූරතාව අඛණ්ඩව ආරක්ෂා කරමින් (back-to-back) දිනාගත් පළමු කණ්ඩායම ලෙසත් ක්‍රිකට් ඉතිහාසයට එක් වීමටද සමත් වී තිබෙනවා.

අවසන් තරඟය ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 255ක් ලබාගත්තේ දැවැන්ත ඉනිමක් ගොඩනගා ගනිමිනි.

ඉන්දියානු ඉනිමේ ප්‍රධාන ශක්තිය වූයේ Sanju Samson (89), Abhishek Sharma (52) සහ Ishan Kishan (54) ලබාදුන් වේගවත් ලකුණු ප්‍රමාණයයි.

අවසානයේ Shivam Dube ද වේගවත් ලකුණු රැස් කරමින් ඉන්දියාවේ ලකුණු ගණන ඉහළට ගෙන රැගෙන යාමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

ලකුණු 256ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඉන්දියානු පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයට මුහුණ දීමට සිදු වූ අතර ඔවුන් සියලු දෙනාම ලකුණු 159කට දැවී ගියා.

නවසීලන්තය වෙනුවෙන් Tim Seifert අර්ධ ශතකයක් ලබාගත්තද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.

ඉන්දියානු පන්දු යැවීමේ අතිශය විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූ Jasprit Bumrah කඩුලු 4ක් දවාගනිමින් තරඟයේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වුණා.

2024 වසරේදී T20 ලෝක කුසලානයේ ජයග්‍රහණය හිමි කරගත්තේ ඉන්දියාව විසිනි.

Latest News

error: Content is protected !!