තෙළිඟු ලේලිය රෂ්මිකාට විවාහයෙන් පසු පළමු සම්මානය හිමි වේ

“තෙළිඟු ප්‍රාන්තයට දැන් අලුත් ලේලියක් ඉන්නවා. කරුණාකරලා එයාව බලාගන්න.” විවාහයෙන් පස්සේ විජේ දේවරකොණ්ඩා මෙසේ පැවසුවේ තෙළිඟු මාධ්‍යවේදින් හමුවේය.

විවාහය සමඟ ජීවිතයේ ප්‍රීතිමත්ම අවධිය ගත කරමින් සිටින තෙළිගු ලේලියට එම සතුට දෙගුණ තෙගුණ කරමින් විවාහයෙන් පසු පළමු සම්මානය හිමිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තෙලන්ගානා රජය විසින් ප්‍රකාශයට පත් කරන Gaddar සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය ඇයට හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ‘The Girl Friend’ චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙනි.

ඇගේ විවාහයෙන් දින කිහිපයකට පසු නිකුත් වූ සම්මාන නිවේදනය ‘The Gir Friend’ අධ්‍යක්ෂ රාහුල් රවීන්ද්‍රන් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කර තිබුණු අතර “Rahulaaaaa! I can’t believe ittt!!” යනුවෙන් රෂ්මිකා එයට පිළිතුරු දී තිබුණා.

විජේ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ “Happy and proud” යයි සඳහන් කරමින් එම සතුට බෙදා ගත් ආකාරය ද දක්නට ලැබෙනවා. රංගනය සඳහා වූ ඇගේ කැපවීම සඳහා ඇය මෙම සම්මානයට සුදුසුම තැනැත්තිය බවයි බොහෝ දෙනෙක් පවසා ඇත්තේ. මෙම සම්මානය ඇගේ රංගනයේ බලපෑම හා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයින් සමඟ ඇති කර ගන්නා බැඳීමට කදිම සාක්ශියක් බව බොහෝ දෙනෙක් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!