ළගදීම ඈමරිකාවේ ගිහින් ශෛලයකර්ම කරගන්නවා.. තමන්ගේ ශරීරයේ වෙනසක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ප‍්‍රතිකාර ලබා ගන්න..

“ඇත්තටම මගේ ජීවිතේ වාව් කියන දේ තමයි මම දැකලා තියෙන්නේ..” අන්තර්ජාල නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් හෂී හෙට්ටිආරච්චි මෙලෙස අදහස් දක්වා ඇත.

මගේ ටික්ටොක් වීඩියෝ එකක් වයරල් වුණා. ඒක දැකලා සැලෝන් ශයින් යක්කල මට කතා කළා ෂූට් එකක් කරන්න. මේ ටික්ටොක් වීඩියෝ එක දැකලා මගේ ලොකු අයියා මාව ෆේස්බුක් එකෙන් පවා බ්ලොක් කළා. ඒත් අම්මා ඒ වීඩියෝ එක දැකලා කිව්වේ “වාව් හින්දි නිළියක් වගේ” කියලා. අම්මා මේ දේ තේරුම් ගැනීමත්, අම්මාගෙන් මට මේ ලැබුණු කමෙන්ට් එකත් මට ගොඩක් වටිනවා. සමාජයේ කියන දේවල් වැඩක්ම නෑ. ඉස්සර තිබුණු ප‍්‍රශ්න දැන් නෑ. පවුලෙන් වුණත් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා.

මම හෂී හෙට්ටිආරච්චි. හෂී කියලා කවුරුත් කතා කරන එකට මං කැමති. මගේ පවුලේ අම්මා, තාත්තා, අයියලා දෙන්නෙක් ඉන්නේ. ටොප් මොඩ්ල් කියලා දෙයක් මම දැනගෙනවත් හිටියේ නෑ. නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්න පොඩි ආශාවක් තිබුණා නමුත් අපිට දකින්න ලැබෙන දේවල් එක්ක අඩියක් පස්සට ගන්න සිද්ධ වුණා. මේ ක්ෂේත‍්‍රය ගැන ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ පටු අරමුණක් එක්ක එනවා කියලා. ඒත් මම ඇත්තටම සතුටු වෙනවා ත‍්‍රිකලා ධරණී මිස් ළගට එන්න ලැබුණ එක ගැන. මේ ගෙවුණු සති 08ක කාලය තමයි මගේ ජීවිතේ වටිනාම කාලය. ඇත්තටම මගේ ජීවිතේ වාව් කියන දේ තමයි මම දැකලා තියෙන්නේ.

මේ තැනට එන්න ගොඩක් අයගෙන් උදව් ලැබුණා වගේම මම වටිනවා කියලා හිතන් හිටපු, හිතුවෙවත් නැති අය මට උදව් කළේ නෑ. පළවෙනි ෆොටෝ ෂූට් එකෙන් මම මේ කෝස් එක නවත්තන්න හිටියේ. මට ඩිප්‍රෙෂන් ආවා දවස් 04ක්. ඒත් ජූලියා අක්කා සහ ත‍්‍රිකලා මිස්ගෙන් ලැබුණු ලොකු සපෝර්ටි එක නිසයි මම අද මේ වගේ ටයිට්ල් එකක් දිනලා මේ වගේ තැනක ඉන්නේ.

කාලෙකට කලින් මට ආදරයක් තිබුණා. ඒක ඇත්තටම ඒක පාර්ශ්වික ආදරයක්. ඔහු මට මගේ ජීවිතේ කන්ට්‍රෝල් කියන දේ කියලා දුන්නා. අදටත් මට ඔහු ඒ කියපු වචන මතකයි. මම අනිවාර්යෙන්ම අනාගතයේ විවාහයකට යයි. මම ටික කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. රට යනවා මම ළගදීම.

දෙමාපියන්ට මට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවා තේරුම් ගන්න. දරුවගේ දක්ෂතාවය තේරුම් ගන්න. මට දැන් අවුරුදු 25යි. මගේ අම්මා, තාත්තා මීට කළින් මාව තේරුම් ගත්තා නම් මම මීට කලින්, මීට වඩා ඉහළ තැනකට යන්න තිබුණා. නමුත් ලැබෙන දේ හොදම දේ කියලා හිතාගන මම ජීවත් වෙන්නේ.

මම දැනට වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබා ගන්නවා. හෝමෝන වර්ගත් ලබා ගන්නවා. ළගදීම ඈමරිකාවේ ගිහින් මම ශෛලයකර්ම කරගන්නවා. මුලින්ම තමන් තමන්ව අදුරගන්න. තමන්ගේ ශරීරයේ වෙනසක් තියෙනවා නම් වෛද්‍යවරු හම්බෙලා අවශ්‍ය උපදෙස් ප‍්‍රතිකාර ලබා ගන්න.

ඉදිරියේදී USA ගිහින් පැජන්ට් වලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත‍්‍රිකලා මිස්ගේ උපදෙස්, උදව් ඇතිව ඒවගෙන් වින් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

Latest News

More like this

සාරා සහ ආදිත්‍ය රෝයි කපූර්ගේ මෙට්‍රෝ දුම්රිය ගමන

ආදිත්‍ය රෝයි කපූර් හා සාරා අලි ඛාන් රංගනයෙන් දායකවන...

ඉන්දියාවේ ජනප්‍රිය තරුවගේ මරණයට හේතුව සුදු වීමට එන්නත් කරගත් ග්ලූටතියෝන් ද?

ජනප්‍රිය ගීතයක් වන Kaanta Laga ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඉන්දියාව...

වසර 21 කට පසු ෂාරුක් ඛාන් නැවත ශ්‍රී ලංකාවට එයි?

රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය...

“බිරිඳක් කන්‍යාවක් ලෙස දකින්න එපා” ප්‍රියංකාගේ කතාවේ ඇත්ත නැත්ත

"බිරිඳක් කන්‍යාවක් ලෙස සොයන්න එපා. හොඳ පුරුදු ඇති බිරිඳක්...
error: Content is protected !!