2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකු ලෙස හර්දික් පාණ්ඩ්‍යා ඉටු කළේ කැපී පෙනෙන භූමිකාවකි.
පසුගිය වසර ගණනාවක් පුරා ඔහුගේ පෞද්ගලික ජීවිතේ සිදු වූ හැල හැප්පීම් රැසක් මධ්‍යයේ 2026 ලෝක කුසලාන ජයග්‍රහණය හර්දික්ගේ ජීවිතය වෙනස් කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබෙනවා.
ජීවිතය වෙනස් කළ මෙම ජයග්‍රහණයේ ගෞරවය තම පෙම්වතිය වන මහීකා වෙත හිමි විය යුතු බව හර්දික් මේ වන විට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර ලෝක කුසලානයේ දී තරගාවලිය පුරා කඩුලු 9ක් හා ලකුණු 217ක් රැස් කරමින් දක්ෂතා අතරට පැමිණීමට හර්දික්ට හැකි වුණා.. අවසන් ඕවරවල වේගයෙන් ලකුණු රැස් කිරීමත්, තීරණාත්මක අවස්ථාවල පන්දුව යොමු කිරීමත් හරහා පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමට වැදගත් වාසි ලබා දීමටද ඔහුට හැකියාව ලැබුණා.
2026 මාර්තු 8 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති අවසන් තරගයේදී පාණ්ඩ්‍යා ඕවර 4කදී ලකුණු 36ක් ලබාදෙමින් Mark Chapmanගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් වුණා.
ඉන්දියාව T20 ලෝක කුසලානය දිනාගත් වාර දෙකකදී කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයකු ලෙස ද ඔහු වාර්තා අතරට එක් වී සිටිනවා.
තරගය අවසන් වූ පසු හර්දික් සිය ජයග්‍රහණය පෙම්වතිය වෙනුවෙන් කැප කරන බවයි සඳහන් කර තිබෙන්නේ. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වකවානුවේ විවාහය දෙදරා ගොස් මානසිකව පසුබෑමකට ලක් වී සිටි හර්දික් ගේ ජීවිතයට නව ආලෝකයක් ලැබී ඇති බවයි.
“මහීකා මගේ ජීවිතයට පැමිණි දා සිට මට ලැබෙන්නේ ජයග්‍රහණ පමණයි” යනුවෙන් ඔහු පවසා තිබෙනවා. මේ වන විට හර්දික් පාණ්ඩ්‍යාගේ පෙම්වතිය වන මහීකා ෂර්මා ඉන්දියාවේ ප්‍රසිද්ධ නිරූපිකාවකි.
