මගේ පෞද්ගලික ජීවිතේ ගැන කවුරුත් කණගාටු වෙන්න එපා… විජේත් මැදිහත් වෙයි..
“Kundavai ටික දවසක් ගෙදරම තබාගන්න. එය හොඳයි. ඇයව පිටතට එන්න ඉඩ දෙන්න එපා”
සිනමා නිර්මාණකරුවෙකු හා නළුවකු වන ආර් පතිබාන් සම්මාන උළෙලකදී මෙම ප්‍රකාශය සිදු කළේ නිළි ත්‍රිෂා ක්‍රිෂ්නන් ඉලක්ක කරගෙනය.
ත්‍රිෂා ක්‍රිෂනන් හා දකුණු ඉන්දීය සිනමා නළු තලපති විජේ අතර සබඳතාවක් පිළිබඳ උණුසුම් සංවාදය අතර ප්‍රතිබාන් මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් බලාපොරොත්තු වුණේ ත්‍රිෂාට පහරක් ගැසීමටයි.
ඇයට ටික කලකට ප්‍රසිධියේ එළිපිට පෙනී නොසිටින එක වඩාත් හොඳ බව පැවසීමට ඔහු ඇයගේ නම සෘජුවම ප්‍රකාශ නොකර ‘Kundavai’ යන වචනය භාවිත කරමින් එම ප්‍රකාශය සිදු කර තිබුණා.
“Kundavai” යනු Ponniyin Selvan චිත්‍රපට මාලාවේ ත්‍රිෂා රඟපාන චරිතයයි.
විජේගේ පවුල තුළ මතුව ඇති ආරවුලට ඇය වගකිව යුතු බව ව්‍යංගයෙන් හඟවනමෙම ප්‍රකාශය නිසා ත්‍රිෂාගෙත් හිත හොඳටම රිදී ඇති බව වාර්තා වෙනවා. ඇයත් මේ වන විට එම ප්‍රකාශය ඉලක්ක කර ප්‍රකාශයක් සිදු කර ඇත්තේ ඒ නිසා බවයි පැවසෙන්නේ.
“කෙනෙකුට මයික්‍රෝෆෝනයක් තිබුණා කියලා ඔහු කියන කතාව බුද්ධිමත් හෝ විහිළුවක් වෙන්නේ නැහැ. එයින් වෙන්නේ මෝඩකම පෙන්නුම් කිරීම පමණයි.” ත්‍රිෂා ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ එසේ සඳහන් කර තිබෙනවා.
මේ අතර, බිරිඳ සමඟ දික්කසාද නඩුවක් අතරතුර සිටින විජේ, ඔහු නායකත්වය දරන Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂයේ කාන්තා දින උත්සවයකදී ප්‍රකාශ කර තිබුණේ, “මගේ පෞද්ගලික ගැටළු නිසා ඔයාලා කණගාටුවෙන්න එපා. අපි ජනතාවගේ ගැටළු ගැන පමණක් අවධානය යොමු කරමු” යනුවෙනි.
