අප්‍රේල් මාසයෙන් පසු ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක්…

රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් බව රජය තහවුරු කර තිබියදීත් අප්‍රේල් මාසයෙන් පසු ශ්‍රී ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට විවිධ පාර්ශවයන් කණස්සල්ල පළ කර තිබෙනවා.

ඉන්ධන ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන්නේ, ජාතික ජන බලවේගය රජය බලයට පැමිණීමට පෙර දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ ඩීසල් 4,500 – 5,000ත් අතර ප්‍රමාණයක් විකුණා තිබූ බවයි.

එමෙන්ම දිනකට මෙට්‍රික් ටොන් 1,000කට ආසන්න ඩීසල් විදුලි නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දී තිබූ බවද ඔවුන් පවසා තිබෙනවා.

එම අවස්ථාවේ දිනකට මෙට්‍රික් ටොන් 8,000ක් පමණ වෙළඳපොළට නිකුත් කළද, වර්තමානයේදී වෙළඳපොළට ඇතුළු වන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,500ක් පමණක් බවද එම මූලාශ්‍ර සඳහන් කර තිබෙනවා.

එහෙත් රටේ ප්‍රධාන ඉන්ධන ගබඩා ස්ථාන වන මුතුරාජවැල (110,000 MT), කොළොන්නාව (40,000 MT) සහ සපුගස්කන්ද (25,000 MT) ඇතුළු ගබඩාවල ධාරිතාව පවත්නා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින තොග මෙට්‍රික් ටොන් 8,000ක් පමණක් වන අතර එය දින 15ක් පමණ සඳහා පමණක් ප්‍රමාණවත් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ගබඩා පුළුල් කිරීම විදේශ විනිමය හිඟය හේතුවෙන් නතර වී ඇති අතර රටේ විදේශ ආදායමෙන් 40%ක් ඉන්ධන ආනයනයට වැය වන බවයි වාර්තා වන්නේ.

මේ අතර මධ්‍යපෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවල තත්ත්වය ඉන්ධන සැපයුමට බලපාන අවදානමක් මතුව ඇති බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!