ඉන්ධන මිල ගණන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 24කින් වන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර තිබෙනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස දැක්වෙනවා.
ලංකා භූමිතෙල් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 13කිනි.
ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
