ඉන්ධන අර්බුදය හමුවේ පාකිස්තානයේ සතියේ වැඩ දින හතරයි.. සියලුම පාසල් වසා දැමේ..

කැබිනට් අමාත්‍යවරුන් මාස 2ක් වැටුප් නොගැනීමට තීරණය කරයි..

ඉන්ධන ඉතිරි කිරීම අරමුණු කරගෙන දැඩි අර්ථික සීමා පියවර මාලාවක් පාකිස්තාන රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම නිවේදනය නිකුත් කරමින් පාකිස්තානය තුළ “ඉන්ධන හා විදුලි බල හදිසි අවස්ථාවක්” පවතින බව සඳහන් කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙනි.

රජයේ කාර්යාල සඳහා සතියේ දින 4ක වැඩ සතියක්..

රජයේ හා පෞද්ගලික ආයතන සඳහා Work From Home ක්‍රමය, රට පුරා පාසල් මාර්තු 16 සිට සති 2කට වසා දැමීම, විශ්වවිද්‍යාලවල ඔන්ලයින් පන්ති පැවැත්වීම, රජයේ දෙපාර්තමේන්තු සඳහා ඉන්ධන දීමනා 50%කින් කප්පාදු කිරීම, නිල වාහන භාවිතය මාස 2කට සීමා කිරීම.

නව වාහන, ගෘහ භාණ්ඩ සහ Air Conditioner මිලදී ගැනීම සම්පූර්ණයෙන් තහනම් කිරීම, රජය විසින් සංවිධානය කරන රාත්‍රී භෝජන සහ ඉෆ්තාර් උත්සව තහනම් කිරීම ඇතුළු දැඩි සීමාවන් රැසක් ඒ අනුව පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැබිනට් අමාත්‍යවරුන් මාස 2ක කාලයක් වැටුප් නොගැනීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් 25%කින් කප්පාදු කිරීමටද නියමිතය.

පකිස්ථානයේ ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වයිස් මලික් පැවසුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් සඳහා ඩොලර් 100ට ඉහළට ඉහළ ගොස් ඇති බවයි.

ඔහු අනාවරණය කළේ පාකිස්තානයේ මාසික තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 600 දක්වා ඉහළ යා හැකි බවත්, රට සතුව ඇත්තේ දින 28කට පමණ ඉන්ධන සංචිතයක් පමණක් බවත්ය.

අමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළ දැඩි ලෙස අවුල් සහගත තත්ත්වයට පත්වීම අනෙකුත් රටවලට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ එලෙසයි.

Latest News

error: Content is protected !!