දින 10ක් තුළ පියා, මව, බිරිඳ, පුතා ඇතුළු පවුලේ සාමාජිකයෝ රැසක් අහිමි වුණු ඉරානයේ නව උත්තරීතර නායකයා

ඉරානයේ නව උත්තරීතර නායකයා වන මොජ්ටබා කමේනි හට යුද්ධය ආරම්භ වී දින 10ක් තුළ පවුලේ සාමාජිකයන්ගෙන් බහුතරයක් දෙනා අහිමි වී ඇතැයි වාර්තා වෙනවා.

යුද්ධය අතරතුර පළමු ප්‍රහාරවලදීම ඔහුගේ පියා වන ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි මරුමුවට පත් වූ අතර ඔහුගේ මව මන්සූරි කොජස්තේ ද එම ප්‍රහාරවලින් තුවාල ලබා දින කිහිපයක් තුළ මිය ගිය බව වාර්තා වුණා.

ඉරාන මාධ්‍ය අනුව, ඔහුගේ බිරිඳ වන සහරා ඇඩෙල් සහ ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ගුවන් ප්‍රහාරවලදී මරණයට පත් වී තිබෙනවා. ඔහුට තවත් දියණියක්ද සිටින බව සඳහන් වෙනවා.

ඒ අනුව, නව උත්තරීතර නායකයාගේ සෘජු පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් මෙම යුද්ධයෙන් මරණයට පත්වී ඇතැයි වාර්තා වෙනවා.

මීට අමතරව තවත් සමීප ඥාතීන් 4 දෙනෙක් ද මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සොයුරියක්, ඇගේ සැමියා සොහොයුරාගේ පුතෙකු, සොහොයුරියගේ දියණියක් ද ගුවන් ප්‍රහාරවලින් මරණයට පත්වී ඇති බව සඳහන්ය. එම තොරතුරු ස්වාධීනව තහවුරු කර නොමැති බවත් වාර්තා වෙනවා.

මේ අතර නව උත්තරීතර නායකයා පිළිබඳ සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අනුමැතිය නොමැති නව උත්තරීතර නායකයාට පැවතීමට ඉඩ ලබා නොදෙන බවයි අවධාරණය කර ඇත්තේ.

Latest News

error: Content is protected !!