තෙල් මිල වැඩි කළේ වෙන විකල්පයක් නැති නිසා..
පෞද්ගලික තෙල් සමාගම් අසාධාරණ ලෙස පරණ තෙල් සංචිත වැඩි මුදලට අලෙවි කර විශාල ලාභයක් ලබා ගන්නා බව රජය පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා තිබෙනවා.
ඔවුන් වැඩි ලාභයක් ඉපයුව ද ඔවුන් රට තුළ තෙල් බෙදා හැරීමේ කොටසක් හෙයින් තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බව ඔහු පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුරදීය.
ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල වැඩි වී ඇති අතර එක් පසෙකින් රට තුළ තෙල් පරොභෝජනය දෙගුණයක් හා තෙගුණයකින් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ඒ තුළ රටේ ඩොලර් සංචිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමුවේ ඒ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් බව ඔහු පෙන්වා දුන්නා.
එහෙත් මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේ පසුගිය දින කිහිපයේ තෙල් පෝළිම් නිර්මාණය වීමෙන් පසු ජනාධිපතිවරයා මසකට ආසන්න කාල සීමාවකට තෙල් පවතින බව පැහැදිලිව දැනුම් දී තිබියදී තෙල් මිල වැඩි කිරීම සාධාරණ ද යන්නයි.
මෙම තීරණය හේතුවෙන් පෞද්ගලික තෙල් සමාගම් පරණ තෙල් සංචිත හරහා විශාල ලාභයක් ලැබීම පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.
“ඔව්. ඔවුන් ලාභයක් ලබනවා. අසාධාරණයක් වුණයි කියලා මේ වෙලාවේ තෙල් සැපයුමේ ඔවුන් එක කොටසක්.ඒක අපට එක රැයින් නතර කරන්න බැහැ. ඒ සැපයුම නතර කළොත් වෙන වැඩේ තමයි අපේ රටේ පරිභෝජනයට හා කර්මාන්තවලට තිබෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඒක සමස්තයක් හැටියට පූර්ණ කිරීමට සංස්ථාවට හැකියාවක් නැහැ. මොකද තෙල් සැපයුම රඳා පවතින්නේ තෙල් සංස්ථාව මත පමණක් නෙවෙයි තවත් පෞද්ගලික ආනයනකරුවන් මත. ඒ නිසා ඒ පිළිබඳ නොසලකා මේ තීන්දුව ගන්න වෙනවා. එතන අඩු කළොත් අනිවාර්ය වශයෙන්ම තෙල් සැපයුමට බාධාවක් වෙනවා.
මෙහිදී මාධ්‍යවේදීන් තර්ක කළේ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රකාශයත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත්, කැබිනට් මාධ්‍ය හමුව තුල මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයත් සන්සන්දනය කළ විට වංචනිකත්වයක් මතුවන බවයි.
“රටේ ජනතාව නොමඟ යැවීමක් නේද මේ තුළ දකින්න ලැබෙන්නේ? මෙම තත්ත්වය තුළ සම්පූර්ණ පරසපර විරෝධී තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍යවේදීන් දැඩි ලෙස කියා සිටියා.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියා.
“ඔබ කියන කතාවට පමණක් ඇහුම්කන් දුන්නොත් ලෝකයේ කිසිම රටක තෙල් මිල වැඩි නිකර අපි විතරක් වැඩි කරා නම් අසාධාරණයි. ඔබ දන්නව ලෝකය දන්න මාධ්‍යවේදීන් හැටියට මේ තෙල් සංචිත අපට වඩා තබාගෙන හිටිය රටවලත් මේ අර්බුද්ය කළමනාකරණය කැර ගැනීම සඳහා යම් ප්‍රමාණයකට මිල වැඩි කරලා තියෙනවා. අනාගතයේ දී මීට වඩා වැඩි වුණොත් මුදල් අමාත්යාංශය් හරහා යම් සහනයක් දෙන්නා අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. තෙල් මිලේ ඇති වෙලා තියෙන අර්බුදය කළමනාකරණය කරගන්න නම් මෙවැනි ප්‍රමාණයකින් මේ අවස්ථාවේ වැඩි කිරීම හැර වෙන විකල්ප නැහැ.
