ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් හිඟයක්… අවන්හල් වසා දැමීමට ආසන්නයි..

ලෝකයේ දෙවන විශාලතම දියර පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු වන ඉන්දියාව තුළ තුළ ගෑස් හිඟයක් ඇතිවීම හේතුවෙන් අවන්හල් සහ හෝටල් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ගල්ෆ් කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණයයි.

ලෝකයේ විශාල LNG සැපයුම්කරුවකු වන කටාර් රාජ්‍ය පසුගිය සතියේ නිෂ්පාදනය නවතා දමා තිබුණේ ඉරානය විසින් ගල්ෆ් රටවල්වලට එල්ල කළ ප්‍රහාර හේතුවෙනි.

එම තත්ත්වය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ LPG මිල වසරකට ආසන්න කාලයකින් පසු පළමු වරට ඉහළ දමා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ඛනිජ තෙල් අමාත්‍යාංශය හදිසි බලතල භාවිත කරමින් දේශීය භාවිතය සඳහා LPG ගෑස් නිෂ්පාදනය වැඩි කිරීමට තෙල් පිරිපහදු සමාගම්ට නියෝග කර ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් වාණිජ ක්ෂේත්‍රයට සැපයුම අඩු වී ඇති බවයි පැවසෙන්නේ.

“ගෑස් දින දෙකකට පමණයි”

California Burrito ආහාර ජාලයේ ආරම්භකයා වන Bert Mueller පැවසූ ආකාරයට ඔවුන්ගේ අවන්හල්වල ගෑස් තොග පවතින්නේ දින දෙකකට පමණි.

ඉන්දියාවේ අවන්හල් 500,000කට වඩා නියෝජනය කරන ඉන්දියාවේ ජාතික අවන්හල් සංගමය පවසන්නේ අවන්හල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම වාණිජ LPG මත රඳා පවතින බවයි.

ඒ අනුව LPG සැපයුම බාධා වුවහොත් අවන්හල් විශාල සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවනු ඇතැයි අවහන්හල් ව්‍යාපාරිකයින් රජයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වයෙන් බෙංගලූර් නගරයේ අවන්හල් කිහිපයක් දැඩි පීඩාවට පත්ව ඇති බවද වාර්තා වෙනවා.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉන්දියාවේ අවන්හල් හා හෝටල් කර්මාන්තයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව කර්මාන්ත නියෝජිතයින් අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!