අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් රෝමය බලා පිටත් වු බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එය විපක්ෂය විසින් “එදා වේල” පිරිමසා ගැනීමට ගොතන ලද බොරුවක් බව ඔහු සඳහන් කළේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බිමල් රත්නායක අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේම මෙරට පාර්ලිමේන්තු සභා ගැබේ සිටි බව ඔහු එහිදී පැවසුවා.
විපක්ෂය ගොතන ඇතැම් අසත්‍ය පුවත් පැය හතක් අටක් හෝ නොපවතින බව ද ඔහු සඳහන් කළා.
එබැවින් බොරුවක් පවසන විට මඳක් සොයා බලා පැවසිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
