CPC සභාපති මහජනතාවගෙන් ඉල්ලයි
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් පැන නගින බලශක්ති අභියෝග සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
වත්මන් තත්ත්වය බරපතල බවත් ගෝලීය තත්ත්වයන් ස්ථාවර වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.
“මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඉතා බරපතල තත්වයක්”
එබැවින් සංචාර සීමා කිරීමෙන්, අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ඉන්ධන මිලදී ගැනීමෙන් සහ අවම ඉන්ධන පරිභෝජනය පවත්වා ගැනීමෙන් අර්බුදය කළමනාකරණය කිරීමට සාමූහිකව සහයෝගය ලබා දෙන්නැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
රට පුරා භීතියක් මතු වී ඉන්ධන විශාල වශයෙන් මිලදී ගැනීම ඉන්ධන මිල ඉහළ යාමට හේතු වූ බවයි ඔහු සඳහන් කරනු ලැබුවේ.
එවැනි අධික මිලදී ගැනීමක් සිදු නොවූයේ නම්, බලධාරීන්ට අවම වශයෙන් මෙම මාසය අවසන් වන තෙක් පෙර ඉන්ධන මිල පවත්වා ගැනීමට හැකිව තිබූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
