තායිලන්තයේ අමුතු දීගයක්: කාන්තාවක් එකම මංගල උත්සවයකදී පෙම්වතාත් ඔහුගේ මිතුරාත් විවාහ කරගනී

ඩුජ්ඩුවාන් කෙට්සාරෝ (Dujduan Ketsaro) නමැති 37 හැවිරිදි කාන්තාවක් මෑතකදී ලෝක අවධානය දිනාගත්තේ ඇයගේ සුවිශේෂී මංගල උත්සවය නිසාය.

ඇය ඇගේ මංගල දිනයේ දී ඔස්ට්‍රියානු පිරිමින් දෙදෙනෙක් විවාහ කර ගැනීම ඊට හේතුවුණා.

මෙම අසාමාන්‍ය විවාහ උත්සවය පැවැත්වුණේ තායිලන්තයේ උතුරු–නැගෙනහිර ප්‍රදේශයකදීය. මෙම ත්‍රිත්ව විවාහයේදී ඇය තමා සමඟ අවුරුදු පහක කාලයක් ජීවත් වූ විශ්‍රාමික පොලිස් නිලධාරියකු වන රෝමන් සහ ඔහුගේ හිතවත් මිතුරා වන පොලිස් නිලධාරියකු වන මැකී යන දෙදෙනාම විවාහ කරගත් බවයි වාර්තා වන්නේ.

රෝමන්ගේ සමීප මිතුරා වූ මැකීට ද ඩුජ්ඩුවාන් පිළිබඳ ආදර හැඟීම් ඇති වූ පසු තිදෙනාම එකට මේ ගැන විවෘතව සාකච්ඡා කර අන්‍යෝන්‍ය එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඩුජ්ඩුවාන්ගේ වයස අවුරුදු 61ක් වූ මව මෙම විවාහයට ආශීර්වාද ලබා දී ඇති අතර ඇයගේ දියණියගේ සතුට තමන්ට වඩාත් වැදගත් බවයි පවසා ඇත්තේ.

“මගේ දියණිය වසර ගණනාවක් දුක් විඳින ආකාරය මම දැක තිබෙනවා. ඇය සතුටින් ජීවත් වීමයි මට වැදගත්ම දෙය” යැයි ඇය එසේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මෙම විවාහයේදී පිරිමින් දෙදෙනාම ඇයගේ පවුලට බාට් මිලියන 1 බැගින් (ආසන්න වශයෙන් රුපියල් මිලියන ගණනක්) දෑවැදි මුදල් ලෙස ගෙවා ඇති අතර ඇයගේ පවුල සහ දරුවන් රැකබලා ගැනීමටද පොරොන්දු වී ඇති බවයි පැවසෙන්නේ. තනි මවක් (Single Mom) ලෙස ඇගේ දරුවන් රැක බලාගන්නියක් බව ද පැවසෙනවා.

ඩුජ්ඩුවාන්ට පෙර විවාහයකින් දරුවන් තිදෙනෙකු සහ මුණුබුරන් දෙදෙනෙකු සිටින බවද වාර්තාවල සඳහන් වෙනවා.

“එක් පුරුෂයෙක් සමඟ විවාහ වුණොත් එය සාමාන්‍ය දෙයක්. නමුත් දෙදෙනෙකු සමඟ විවාහ වුණොත් ලෝකයම ඒක මතක තබා ගන්නවා” සිය අමුතු විවාහය පිළිබඳව එම කාන්තාව පවසා තිබෙනවා.

මෙවැනි විවාහ උත්සවයක් එහි සිදුවූ පළමු අවස්ථාව ලෙස ද තායිලන්ත බලධාරීන් මෙම අවස්ථාව හඳුන්වා ඇති බව සඳහන්ය.

Latest News

error: Content is protected !!