කිරි කළයේ රන් මුද්ද සෙවූ රශ්මිකා හා දේවරකොණ්ඩා

රෂ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩාගේ විවාහ උත්සවය අවසන් වුණේ මේ වසරේ පැවැත්වුණු විචිත්‍රම විවාහ මංගල්‍යය බවට පත් වෙමිනි.

පෙබරවාරි 26 වැනිදා පැවැත්වුණු ප්‍රධාන විවාහ උත්සවයට අමතරව තවත් සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ගණනාවකට මුල්තැන දෙන උත්සව කිහිපයක්ම ඔවුන්ගේ විවාහ මංගල්‍යය අතරතුර සැමරුණා. ඒ අතර ඉන්දීය සම්ප්‍රදායික විවාහක චාරිත්‍ර වන ප්‍රධානම් සහ මෙහෙන්දි උත්සවයක් ද පැවැත්වුණු අතර ඔවුන් එම අවස්ථාවල විශේෂ ඡායාරූප කිහිපයක් මේ වන විට බෙදාගෙන තිබෙනවා.

“25.02.26. ප්‍රධානම් සහ මෙහෙන්දි සන්ධ්‍යාව. ඉතාමත් විනෝදජනක සන්ධ්‍යාවක්.. සම්පූර්ණයෙන්ම ජීවත් වූ සන්ධ්‍යාවක්.. මට තවත් පැය 100ක් ගත කිරීමට අවශ්‍ය වූ සන්ධ්‍යාවක්.” යැ‍යි විජේ එම අවස්ථාව Instagram හි බෙදා ගනිමින් එම අවස්ථාවේ ඔහුගේ සතුට වචන වලට පෙරළීමට උත්සහ කර තිබුණේ එසේය.

“25.02.26. එය ප්‍රධානම් සහ මෙහෙන්දි සන්ධ්‍යාවයි. එය ඉතා පරිපූර්ණයි, නමුත් එය ඉතා ඉක්මනින්ම අවසන් වුණා” රශ්මිකා ලෝභ හිතෙන සන්ධ්‍යාව ගැන සඳහන් කරමින් එම අවස්ථාවේ ඡායාරූප ඇගේ Instagram හි ද බෙදාගෙන තිබෙනවා.

ප්‍රධානම් යනු කිරි සහ රෝස පෙති වලින් පිරුණු බඳුනක් සකස් කරන සාම්ප්‍රදායික පූර්ව විවාහ චාරිත්‍රයකි. රන් මුද්දක් බඳුනට දමා මණ්ඩපයට රැගෙන එනවා. ඉන්පසු මනාලිය හා මනාලයා තම දෑත් බඳුන තුළ තබා පළමුව මුද්ද සොයා ගැනීමට තරඟ කිරීම එම චාරිත්‍රයයි.

මෙහෙන්දි උත්සවයේ දී සාමාන්‍යයෙන් ඉන්දීය යුවතියන් සිදු කරන අත්ල පිරෙන මෙහෙන්දි මෝස්තරයක් වෙනුවට රශ්මිකා තෝරාගෙන තිබුණේ ඉතා සරල මෝස්තරයකි.

Latest News

error: Content is protected !!