රැඳවුම් නියෝගය යටතේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී සුරේෂ් සලේට මී උණ වැළඳීමේ අවදානමක් පවතින බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දී තිබෙනවා.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වෙනි මහලේ කුටියක රඳවාගෙන සිටින අතර එය මීයන්ගේ රජදහනක් බවයි දයාසිරි මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ.
එම කාමරය පුරා මීයන් දුවන අතර හිටපු රාජ්‍ය සේවා බුද්ධි ප්‍රධානියා වන සලේට බිම නිදා ගැනීමට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
දයාසිරි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත වැඩි දුරටත් පවසා ඇති ආකාරයට හිටපු බුද්ධි සේවා ප්‍රධානියා රඳවා ඇති කාමරය පුරා මීයන්ගේ අසූචි තැවරී ඇති බවයි පැවසෙන්නේ. එබැවින් ඔහුට මී උණ වැළඳීමේ ඉඩක් පවතින බව ද ඔහු පවසා තිබෙනවා.
එබැවින් සියලුම සිරකරුවන් මිනිසුන් යන පිළිගත් සංකල්පය මත පදනම්ව සලේට යහපත් ලෙස සලකන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම ඔහු අත් අඩංගුවට පත් වූ දා සිට ඔහුගේ පුතාට පියා බැලීමට අවසර ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ වන විට රඳවාගෙන සිටින්නේ දින 90 ක රැඳවුම් නියෝගයක් යටතේය.
