ප්‍රයිවට් බස් කොන්දොස්තර CTB බස් රථය උස්සයි..

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රි කාලයේ නවතා තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු ඊයේ (10) උදෑසන බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 34 ක් වූ සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සොරකම් කරනු ලැබූ වැල්ලවාය ඩිපෝවට අයත් බණ්ඩාරවෙල – මාතර මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංගම බස් රථය, බස් නැවතුම්පොළේ නවතා තිබූ අතර පසුදා උදෑසන මාතර බලා පිටත් වීමට නියමිතව තිබුණු බවයි වාර්තා වන්නේ

මත්පැන් පානය කර බස් නැවතුම්පොළට පැමිණි සැකකරු බස් රථයට නැඟී එහි නිදාගෙන තිබෙනවා. පසුදා උදෑසන ඔහු බස් රථය පණ ගන්වා බණ්ඩාරවෙල – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කර දියතලාව හරහා වැලිහෙල ප්‍රදේශයට ගොස් එය පාර අයිනේ අතහැර යාමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.

පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහු හපුතලේ දී මෝටර් රථයක ගැටී වේගයෙන් පලා ගොස් ඇති බවයි. පරීක්ෂණ අතරතුර, සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය සීසීටීවී පටිගත කිරීම් පරීක්ෂා කරනු ලැබූ බව සඳහන්ය.

Latest News

error: Content is protected !!