ඉරානයේ නව නායක මොජ්ටබා කමේනි ‘යුද්ධයෙන් තුවාල ලැබු’ බව ඉරානය තහවුරු කරයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා කමේනි යුද්ධයේදී තුවාල ලැබූ බවට වාර්තා පළ වෙමින් තිබෙන අතරතුර ඔහු “ආරක්ෂිතව සිටින” බව ඉරාන ජනාධිපති උපදේශකයෙකු වන යුසෙෆ් පෙසෙෂ්කියන් පවසා තිබෙනවා.  යුසෙෆ් පෙසෙෂ්කියන් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්ගේ පුත්‍රයාය.

ඔහු තම Telegram නාලිකාව ඔස්සේ පළ කළ සටහනක සඳහන් කළේ “ මොජ්ටබා කමේනි තුවාල ලැබූ බවට පුවතක් අසන්නට ලැබුණා. ඒ පිළිබඳ සම්බන්ධතා ඇති මිතුරන්ගෙන් විමසූ විට, දෙවියන්ට ස්තුතිවන්තව ඔහු ආරක්ෂිතව සිටින බව ඔවුන් පැවසුවා” යනුවෙනි.

මෙම ප්‍රකාශය පැමිණෙන්නේ නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳ විවිධ අනුමානයන් පළ වෙමින් පවතිද්දීය. ඔහු තම පියා වූ හිටපු උත්තරීතර නායක අලි කමේනි මියගොස් දින තුනකට පසු නායකත්වය භාරගෙන තිබුණද එතැන් සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම නිසා විවිධ සැක සංකා මතු වෙමින් පැවතුණා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය 56 හැවිරිදි මොජ්ටබා කමේනි “රාමදාන් යුද්ධයේ තුවාල ලැබූ යුද වීරයෙක්” ලෙස හැඳින්වුවද ඔහු ලැබූ තුවාල මොනවාද යන්න නිශ්චිතව සඳහන් කළේ නැහැ.

Latest News

error: Content is protected !!