ශලනි ලංකාවේ ක්‍රිකට් ගෝලීයව ප්‍රවර්ධනය කරන්න පුළුවන් මොඩල් කෙනෙක් ද..?

හරි. අපි වෙන වෙන අපේ අශ්ලීල ෆැන්ටසි වල හිරවෙන්නේ නැතුව හිතමු ජයන්ත ධර්මදාස මහත්තය ඔය ශලනි තාරකා වගේ සෙට් එකක් අරන් ගියේ

ලංකාවේ ක්‍රිකට් ගෝලීයව ප්‍රවර්ධනය කරන්නමයි කියල. මගේ ප්‍රශ්නය ශලනි එහෙම ගෝලීය ලෙස ප්‍රවර්ධනය කරන්න පුළුවන් මොඩල් කෙනෙක් ද කියන එක…

ලෝකයේ සන්නාම ප්‍රවර්ධන ප්‍රවර්ගයට වැටෙන නිරූපන ශිල්පිණීන් කියන්නේ මුළු ජීවිතකාලෙන් වැඩිම කාලයක් ඒකට කැපකරපු අය. ඒ තමයි එයාලගේ ශරීර පෙනුම නඩත්තු කරගන්න සහ ගේස් (gaze) එකේ ආකර්ෂණය වර්ධනය කරගන්න.

ඒ වගේම ඒ ගේස් එකට ඇතුළත් එයාල පෙන්නන ක්‍රියාශීලි බව. ඒ එක්ක වෙනත් සන්නාම එක්ක කරන කරටකර තරඟය සහ වෙනත් සන්නාම වලටත් මාව අවශ්‍යනම් මිළදී ගන්න පුළුවන් කියන එක එයාල එයාලට හම්බවෙන වේදිකාව (platform) ඇතුලේ පෙන්නනවා. ඒක සල්ලි එක්ක යන මාරාන්තික තරඟයක්. වමේ කෙනෙකුට කියන්න පුළුවන් අවශ්‍යනම් අමානුෂිකයි කියලත්.

එයාල මාකට් කරන්නේ මුහුණ විතරක් නෙවෙයි. සමස්ත ශරීරයම. මුළු ඇඟම දාල තමයි ප්‍රවර්ධන ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා මිළත් ඉහළයි. ඒ වගේම එයාල මිලදී ගන්න තරම් ඩුකාති, ටොයෝටා, ඩන්ලොප්, මිචලින්, පොර්ශේ වගේ සන්නාම විතරක් නෙවෙයි මැන්චෙස්ටර් යුනයිටඩ් වගේ කණ්ඩායම් පවා පොහොසත්.

අනික තමයි ඒ නිරූපණ ශිල්පියෝ ඇත්තටම ඒ ප්‍රවර්ධන වැඩේ ඇතුලේ ඉන්නවා. ගොඩක් වෙලාවට උන් ඒ ගැන දන්නවා. ඇහුවොත් යමක් කියන්නත් පුළුවන්.

මේක මගේ පුද්ගලික නිරීක්ෂණයක් නිසා මේක සබ්ජෙක්ටිව් (subjective). ඒ ගැන සොරි. ඒ තමයි ශලනි මට පේන්නේ එහෙම ගෝලීය ප්‍රවර්ධන නිරූපන ශිල්පිණියක් හැටියට නම් නෙවෙයි. ගොඩක් ලාංකික පැත්තට බර ලස්සනක් තියන, හවස 8න් පස්සේ පෙන්නන බුදියන්න කලින් ටෙලි නාට්‍යවල ඉන්න සාමාන්‍ය නිළියක් හැටියට. එයාගේ බැල්ම උනත් ගොඩක් මෙලන්කොලිකයි මට (අර යශෝදා විමලධර්ම වගේ).

අනික පණක් කඳක් ඇතුව අප්පුඩියක්වත් ගහන්න පුළුවන් ද ඒ කෙල්ලට?

එහෙම කෙනෙක් කොහොමද අර විදියේ ලෝකයේ හිට් වෙන ප්‍රවර්ධන වැඩක් කරන්නේ? දන්නේ නැති නිසා අහන්නේ?

ඒ නිසා නිකම් ටිකට් එකක් දෙනකොට තමන්ගේ බොක්කෙන් එන්න ඕනි ප්‍රශ්නේ තමයි මේ වැඩේට මම හරියනවද කියන එක. ක්‍රිකට් බෝඩ් එකට කිව්වානම් මම මේ වැඩේට හරියන එකක් නැහැ ඔයාල වෙන කෙනෙක් හොයාගන්න කියල ඒක පට්ට. එතන තියනවා ක්‍රිකට් වලට කරන ඇත්ත ලව් එක.

– ආචාර්ය මහේෂ් හපුගොඩ
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...