ඉරානය විසින් මුහුදු මාර්ගයෙන් කැලිෆෝනියාවට “අනපේක්ෂිත ඩ්‍රෝන් ප්‍රහාරයක්” එල්ල කළ හැකි බවට ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාලය (FBI) අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
එහෙත් එය තහවුරු කළ නොමැති අතර වහා සිදු විය නොහැකි ප්‍රහාරයක් ලෙසයි ඔවුන් හඳුන්වා දී ඇත්තේ.
FBI ආයතනය Memo සටහනක් ඔස්සේ දැනුම් දී ඇති පරිදි ඉරානය විසින් දුරස්ථව හසුරුවනු ලබන UAV ඩ්‍රෝන යොදාගෙන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තහවුරු නොකරන ලද තොරතුරු ලැබී තිබෙනවා.
මෙම තොරතුරු මත පදනම්ව FBI මඟින් එම අනතුරු ඇඟවීම සති කිහිපයකට පෙර නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, ප්‍රහාරය සිදුවිය හැකි කාලය, ක්‍රමය, ඉලක්කය හෝ සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ අමතර තොරතුරු කිසිවක් නොමැති බවත් එම සටහනනෙහි දැක්වෙනවා.
එම සටහන මත පදනම්ව නිවේදනයක් නිකුත් කරනු ලැබූ කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් කියා සිටියේ “මෙම මොහොතේ වහාම තර්ජනයක් නොමැති වුවද, අපේ ප්‍රාන්තය ඕනෑම හදිසි තත්ත්වයකට සූදානම්ව සිටිනවා” යනුවෙනි
විශේෂයෙන් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරානයට මැදපෙරදිග කලාපය පුරා භාවිතා කර ඇති විවිධ ඩ්‍රෝන් පද්ධති තිබෙන බවයි. විශේෂයෙන් Shahed-136 වර්ගයේ “kamikaze” ඩ්‍රෝන් භාවිතා කරමින් ඉරානය මෑතකදී මැදපෙරදිග ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර රැසක් එල්ල කරනු ලැබුවා.
එමෙන්ම ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, ඉරානයෙන් සිදුවිය හැකි ප්‍රතිචාරයන් අතර සයිබර් ප්‍රහාර හෝ ඇමෙරිකාවේ සිටින විරුද්ධ මතධාරීන්ට එරෙහි රහසිගත ක්‍රියාමාර්ග ද ඇතුළත් විය හැකි බවයි.
කෙසේ වෙතත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය “ඉතා සාර්ථක ලෙස ඉදිරියට යනවා” යන්නයි.
එහෙත්, ඇමෙරිකානු හමුදා නිලධාරීන් ඉරානයේ සියලුම මිසයිල ප්‍රහාර මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් හඳුනාගෙන නොමැති බව පවසා තිබෙනවා. එමෙන්ම ඉරානය තවදුරටත් සංරක්ෂිතව තබා ඇති මිසයිල භාවිතා කර ඇමෙරිකානු රේඩාර් පද්ධති වැනි වැදගත් හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
