ගෝලීය සමගිය ප්‍රවර්ධනයට එක්වන්නැයි සජිත් ජ්‍යාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි…

ඉරාන නාවිකයන් 100කට අධික පිරිසක් මියගිය ඉරානයේ IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව India Today Global නාලිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් විපක්ෂයට ඒ පිළිබඳ නිසි තොරතුරු ලැබී නොමැති බව පවසා තිබෙනවා.

එම ප්‍රහාරයට පෙර පැය 11කට පමණ පෙර එම නෞකාව හදිසි ලෙස ඇතුළුවීමකට අවසර ඉල්ලා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ, එම නෞකාව සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සිදු වූ සන්නිවේදන කටයුතු පිළිබඳ තොරතුරු මෙතෙක් විපක්ෂයට ලබාදී නොමැති බවයි.

එමෙන්ම විදේශ සබ්මැරීනයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට එතරම් ආසන්නව ක්‍රියා කළේ කෙසේද යන්න පිළිබඳවද පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අපක්ෂපාති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් වන බැවින්, ජාත්‍යන්තර නීතිවලට අනුව කටයුතු කිරීම අතිශය වැදගත් බව ද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර පවසනවා.

වැඩිදුරටත්විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ හේග් සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතිවලට ගරු කිරීම අවශ්‍ය බවයි.

එමෙන්ම මෙම ගැටුම කලාපීය ගැටුමක් පමණක් නොව ලෝක මට්ටමේ අර්බුදයක් බවත්, එය තවත් උත්සන්න කිරීම වෙනුවට රාජතාන්ත්‍රික විසඳුම්, මානවීය මූලධර්ම සහ සාමකාමී එකට ජීවත්වීම ප්‍රමුඛ කරගත යුතු බවත් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබෙනවා.

Latest News

error: Content is protected !!