මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ තිස්සමහාරාම – අකුරුගොඩ සිරි මංගලාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ තමන්ටත් වඩා මේ රටේ ජනතාව හොඳින් දනාව බවයි.
එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පිළිතුරු දී තිබුණේ මෙසේය.
ප්‍රශ්නය – වත්මන් රජය සම්බුද්ධ සාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර – මොනවා හරි සේවයක් කරනවා ද.?
ප්‍රශ්නය – සම්බුද්ධ සාසනයට දෙවැනිකොට සලකන තත්ත්වයක් තියෙනවා. ඔබතුමාගේ කාලයේදී කොහොමද සැලැකුවේ.?
පිළිතුර – ඉහළින්ම තියලා. දැන් එහෙම කරනවා ද කියන එකත් ප්‍රශ්නයක්.
ප්‍රශ්නය – ඔබතුමාගේ කාලයේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක් අමානුෂික ලෙස සිරගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර – ඔහු කළ සේවය අගයන්න ඕනේ මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. හිර කරන කාලයක් නෙවෙයි මේක.
ප්‍රශ්නය – මේ වනවිට ජාත්‍යන්තර යුද්ධයක් පැවැත්වෙනවා. තව ටික කාලයක් මේ යුද්ධ පැවැතුණහොත් රටේ අනාගතයට මොකක් වෙයි කියලා ද හිතන්නේ.?
පිළිතුර – ගැටලුවක් ඇති වෙනවානේ. රටට, රටේ අනාගතයට ගැටලුවක් ඇති වෙනවා.
ප්‍රශ්නය – රටේ දැන් තත්ත්වය ගැන මොකද හිතන්නේ.?
පිළිතුර – කරන එක ගැන නම් කියන්න දෙයක් නැහැනේ. මට වඩා හොඳට ජනතාව දන්නවා.
