2026 ICC පිරිමි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු පුවත් සිරස්තල මැවූ ක්‍රීඩකයා වූයේ හර්දික් පාණ්ඩ්‍යාය.
ජයග්‍රහණය සමරමින් හර්දික් පිටිය මැද ඔහුගේ නව පෙම්වතිය වන මහිකා ෂර්මාව සිප වැළඳගත් දර්ශනවලින් පත්තර පිටු, වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වැසී ගිය ආකාරයයි දක්නට ලැබුණේ.
කෙසේ වෙතත් එම සතුට උපරිමයට ගොස් හර්දික්ට මේවන විට නඩුවක් වැටී ඇති බවද වාර්තා වෙනවා.
ඉන්දියාවේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු සැමරුම් අතරතුර ජාතික ධජයට අගෞරව කළ බවට චෝදනා කරමින් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, පූනේ හි නීතිඥයෙකු මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ තරඟයෙන් පසු සැමරුම් අතරතුර පාණ්ඩ්‍යා ඉන්දීය ජාතික ධජය පිටේ බැඳගෙන වේදිකාවක් මත වැතිර සිටිනු දක්නට ලැබුණු බවයි.
ජාතික ධජය භාවිතා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම පාලනය කරන ඉන්දියාවේ ජාතික ගෞරවයට අපහාස කිරීම වැළැක්වීමේ පනත යටතේ මෙම ක්‍රියාව අගෞරවයක් බව පැමිණිලිකරු චෝදනා කර තිබෙනවා.
මෙම තරගයේදී හර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වෙමින් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරනු ලැබුවා.
