ඇමරිකානු ගුවන් බලයේ කොඳු නාරටිය බඳු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටේ

ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන පිරවීමේ (refuelling) KC-135 Stratotanker ගුවන් යානයක් කඩා වැටී ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය (CENTCOM) පවසා තිබෙනවා.

KC-135 Stratotanker යනු ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රබලතම සහ ඉතා වැදගත් ගුවන් යානයකි.

අමෙරිකානු ගුවන් බලයේ කොඳු නාරටිය ලෙස සැලකෙන මෙම යානය ලොව ඕනෑම ස්ථානයක පවතින ඉලක්ක වෙත පහරදීමට ඇමරිකානු ප්‍රහාරක යානාවලට ශක්තිය සපයන, අහසේ පාවෙන ඉන්ධන පිරවුම්හලක් ලෙසයි හැඳින්වෙන්නේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඉරාකයේ බටහිර මිතුරු බලවේග පාලනය යටතේ ඇති ගුවන් අවකාශය තුළය.

වාර්තා වන අන්දමට මෙම මෙහෙයුම සඳහා KC-135 Stratotanker යානා දෙකක් එක්ව ඇති අතර, ඉන් එක් යානයක් අනතුරට පත්වන විට අනෙක් යානය ආරක්ෂිතව ඊශ්‍රායලය බලා පියාසර කර තිබෙනවා.

ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙය ඇමරිකාවට එල්ල වූ දරුණු යුදමය සහ මූල්‍යමය බලපෑමක් බවයි.

කෙසේ වෙතත්, මෙම යානා එවැනි අනතුරුදායක කලාපයක පියාසර කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කඩා වැටුණු යානය තුළ අවම වශයෙන් 5 දෙනෙකු හෝ 6 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!