ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිලීගිය ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු ඉරානය බලා යන දවස අදයි

රී ලංකාවට ආසන්න මුහුදේදී සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු අද (13) දිනයේ ඉරානය වෙත පිටත්කර යැවීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.

දේහයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉරානය බලා පිටත්වයාමට සූදානම්ව ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.

මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදු කෙරෙන්නේ මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේය.

IRIS DENA නෞකාව ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණා.

ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පසුව තහවුරු කරනු ලැබුවේ අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාව මුහුදු බත්කළ බවයි.

Latest News

error: Content is protected !!