ට්විටර් පණිවිඩ කිහිපයකින් යුද්ධය ජයගත නොහැකියි.. ඉරානයෙන් ට්‍රම්ප්ට පණිවිඩයක්..

මැදපෙරදිග කලාපයේ ගැටුම් තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර ඉරානයේ ඉහළ පෙළේ දේශපාලන අංශ නායකයකු වන අලී ලැරිජානි (Ali Larijani) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Larijani බ්‍රහස්පතින්දා (මාර්තු 12) X ඔස්සේ පළ කළ පණිවිඩයක සඳහන් කළේ, ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීම “බරපතල වැරදි ගණනයක්” බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත්ය.

ඉරානය සිය හමුදා ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගෙන යන බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීරණය ගැන කණගාටු වන තෙක් පසුනොපසින බව ඔහු අවධාරණය කර තිබෙනවා.

“යුද්ධයක් ආරම්භ කිරීම පහසු වුවත් එය ට්විටර් පණිවිඩ කිහිපයකින් ජය ගැනීමට නොහැකියි. මේ බරපතල වැරදි ගණනයට ඔබ කනගාටු වන තෙක් අපි නතර වන්නේ නැහැ.” ලැරිජානි ඔහුගේ X පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ඔහු එම පණිවිඩය අවසන් කළේ #TrumpMustPay යන හැෂ්ටැගය සමඟින් වන අතර, එය ටෙහෙරානයේ දැඩි ස්ථාවරය පෙන්නුම් කරන්නක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Latest News

error: Content is protected !!