ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රුසියාව සමඟ සාකච්ඡා කරයි

රුසියානු ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන්ට ඇති වූ බාධා මධ්‍යයේ මෙම හමුව අද (13) පස්වරුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවලට තාවකාලික අවසරයක් ලබා දීමෙන් පසු ශ්‍රි ලංකාව මෙම සාකච්ඡාව සඳහා එළැඹුණු බව පැවසෙනවා.

ශ්‍රී ලංකාවේ ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීමට උපකාරී වන පියවරක් ලෙස රුසියානු ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මෙහිදී සොයා බැලූ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම වහාම රුසියානු රජයට දැනුම් දීමට තානාපති Dzhagaryan මහතා එකඟ වූ අතර අවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා අදාළ රුසියානු ආයතන සමඟ සම්බන්ධීකරණය කරන බවට සහතික වී ඇති බව සඳහන්ය.

Latest News

error: Content is protected !!