ලස්සනම දින කිහිපය අඳුරු කළ හඬ පටය ඉවත් කරන්නැයි රෂ්මිකාගෙන් ඉල්ලීමක්..
තෙල්න්ගනා ප්‍රාන්තයේ ලේලිය ලෙස මුළු රටක් පිළිගත් රෂ්මිකා මන්දනාගේ ජීවිතයේ මේ ගත වන්නේ ප්‍රීතිමත්ම දින කිහිපයයි.
එහෙත් ප්‍රීතිය අප වටා පැතිර යන විට එය නොඉවසන බලවේග ඊට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය.
“මගේ ආදරණීය රසිකයිනි, කරුණාකර මගේ ප්‍රීතිය උදුරාගන්න එපා. වසර ගණනාවක් තිස්සේ මෙම වේදනාත්මක හිරිහැර මා විසින් විඳගත්තා. ඒ එම ප්‍රහාර මට පමණක් සීමා වු නිසා. මම නිහඬවීම තෝරා ගත්තා. නමුත් අද මා වටා සිටින අනෙක් අය ද එයට ඇද දමමින් සිටින නිසා මට නිහඬ වී සිටිය නොහැකියි”
අලුත බැඳපු මනමාලිය රෂ්මිකාට මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට හේතු වුණේ ඇයගේ මව සුමන් මන්දනා මීට කලකට ඉහත දී රෂ්මිකාගේ පළමු විවාහය දෙදරා යාම පිළිබඳ සිදු කළ ප්‍රකාශයක ඕඩියෝ පටයක් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍යවල හතර අතේ ෂෙයාර් වීමට පටන් ගෙන ඇති නිසාය.
මෙම ඔඩියෝව පසුගිය දිනවල විශාල ලෙස බෙදාහැර තිබුණද එය වසර 8කට පෙර කන්නඩ මාධ්‍ය නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක කොටසක් බව වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සිදුවන්නේ රෂ්මිකා මන්දනා හා විජේ දේවරකොණ්ඩා අතර දිව්‍යමය සිරිගත් විවාහය මේ වසරේ පෙබරවාරි 26 දින පැවැත්වීමෙන් දින කිහිපයක් ගත වී යද්දීය.
මන්දනාගේ මව සුමන් ලබා දුන් ඕඩියෝවක් සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර යාමට පටන් ගත් අතර තවදුරටත් ඊට තමාගේ සැනසීම උදුරා ගැනීමට ඉඩ තැබිය යුතු නැති බව කල්පනා කර ඇති මන්දනා ඇගේ රසිකයන්ගෙන් හා සියලුම මිනිසුන්ගෙන් එය ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා තිබෙනවා.
රෂ්මිකා මන්දනා හා රක්ෂිත් ෂෙට්ටි 2016 වසරේ නිකුත් වූ Kirik Party චිත්‍රපටයේ වැඩ කිරීම් අතරතුර මුණගැසී 2017 වසරේදී විවාහ ගිවිසගත් අතර 2018 වසරේදී එම විවාහය දෙපාර්ශවයේම එකඟතාවය මත අවසන් වුණා.
මේ දිනවල ප්‍රචාරය වන ඕඩියෝ පටයේ ඇගේ මව සුමන් ප්‍රකාශ කර ඇත්තේ ඊට හේතු පාදක වු කරුණු කිහිපයකි.
දෙපාර්ශවයේම එකඟතාවය මත සිදු වූ විවාහයට පසුව රක්ෂිත්ගේ පාර්ශවයෙන් විවිධ ගැටලු ඇති වූ බවත් පසුව රෂ්මිකාගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට විශාල ලෙස බලපෑම් එල්ල කළ බවත් ඇය එහි සඳහන් කර තිබුණා.
Geetha Govindam චිත්‍රපටයේ අවස්ථාව ලැබුණු අවස්ථාවේ ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ රංගනය අත් හරින ලෙස පණිවිඩයක් නිකුත් කරන්නැයි ඔවුන් බල කරනු ලැබූ බවද එහි සඳහන් කර තිබුණා. Geetha Govindam යනු විජේ හා රෂ්මිකා එකට තිරය බෙදාගත් පළමු අවස්ථාවයි.
මෙම ඔඩියෝ පටය යළි පැතිර යාම පිළිබඳව රෂ්මිකා මන්දනා X ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, වසර 8ක් පුරා තමාට එරෙහිව වැරදි තොරතුරු සහ අපහාස ප්‍රචාරණයක් සිදු වූ බවත්, පෞද්ගලික සංවාදයක් අනවසරයෙන් පටිගත කර යළි බෙදා හැර ඇති බවත්, එය දැනුවත් ලෙස ප්‍රචාරය කර විවාදයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
මෙම සිද්ධියෙන් තම පවුල සහ අනෙක් අයද අනවශ්‍ය අපහසුතාවකට පත් කර තිබෙන බව ඇය සඳහන් කර තිබෙනවා. එමෙන්ම තවදුරටත් එම හඬ පටය ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යවලින් පැය 24ක් යාමට පෙර එය ඉවත් කරගන්නා ලෙස ඇය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
