විවාහයෙන් පසු විජේ දේවරකොණ්ඩා – රෂ්මිකා මන්දනාගෙන් පාසල් දරුවන්ට තෑග්ගක්

විජේ දේවරකොණ්ඩා හා රෂ්ම්කා මන්දනා විවාහයෙන් පසු සමාජ සේවා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තම උපන් ගම වන තුම්මන්පේටා හි රජයේ පාසල් 44ක 9 හා 10 ශ්‍රේණි සිසුන්ගේ අධ්‍යාපනයේ සියලු වගකීම භාර ගැනීමට නව යුවළ පියවර ගෙන ඇති බව සඳහන්ය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ විජේගේ, දේවරකොණ්ඩා පදනම (The Deverakonda Foundation) මඟිනි.

සිසුන්ගේ විභාග ගාස්තු ගෙවීම, පෙළ පොත් හා අධ්‍යයන උපකරණ ලබාදීම ඇතුළු සහාය මෙමඟින් ලබා දීමට නියමිතය.

ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය නතර කිරීමට සිදු වන තත්ත්වය වැළැක්වීම ඔවුන්ගේ මෙම උත්සාහයේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.

තෙලන්ගානා හි ඔහුගේ මුතුන් මිත්තන්ගේ ගම්මානය වන තුම්මන්පේටා (Thummanpeta) ගම්මානයේ ජනතාවගෙන් මෙම ක්‍රියාව සඳහා දැඩි ප්‍රශංසාවක් හිමිවී ඇති බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!