මොජ්ටබා කමේනි පිළිබඳ තොරතුරු තිබේ නම් අමෙරිකාවෙන් රු කෝටි 310ක ත්‍යාගයක්..

ඉරානයේ නව උත්තරීතර නායකයා මොජ්ටබා කමේනි පිළිබඳ තොරතුරු ලබා දෙන අයට ඩොලර් මිලියන 10ක (රුපියල් කෝටි 310ක් පමණ) ත්‍යාග මුදලක් පිරිනමන බව අමෙරිකාව නිවේදනය කර තිබෙනවා.

උත්තරීතර නායකයා ඇතුළු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මේ සඳහා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුක්තිය සඳහා ත්‍යාග වැඩසටහන හරහා සිකුරාදා මෙම ත්‍යාගය ප්‍රකාශයට පත් කළා.

නම් කරන ලද ඉරාන නායකයින් අතර උත්තරීතර නායක මොජ්ටබා කමේනි, උත්තරීතර නායක කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අලි අස්ගාර් හෙජාසි සහ ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටින බව සඳහන්ය.

මෙම ත්‍යාග නිවේදනය පැමිණෙන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඔවුන්ගේ ගුවන් මෙහෙයුම තුන්වන සතියට පැමිණ ඇති අතරතුරදීය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දිනවලදී ඉරාන ඉලක්කවලට ඉතා දැඩි ලෙස පහර දෙන බව ප්‍රකාශ කර ඇති අතර මොජ්ටබා කමේනි අමෙරිකානු ප්‍රහාරවලින් දැඩි ලෙස තුවාල ලබා සිටින නමුත් තවමත් ජීවතුන් අතර සිටින බව සඳහන් කර තිබෙනවා.

උත්තරීතර නායක මොජ්ටබා කමේනි ඔහුගේ පළමු මහජන ප්‍රකාශය ඉරාන රාජ්‍ය රූපවාහිනියේ පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එල්ල කළ ප්‍රහාරයේ පළිය අවසානය තෙක් ලබා ගන්නා බවයි.

Latest News

error: Content is protected !!