ඉරාන කිරීටයේ මැණික ලෙස සැලකෙන ඛාර්ග් දූපත අමෙරිකාවේ බෝම්බ ප්‍රහාරවලින් සුණු විසුණු වේ

ඉරාන කිරීටයේ මැණික “Crown jewel” ලෙස විරුදාවලිය ලත් එරට තෙල් සම්පතෙහි කේන්ද්‍රස්ථානය වන ඛාර්ග් (Kharg) දූපත වෙත අමෙරිකා එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ප්‍රධානම තෙල් පර්යන්තය වන ඛාර්ග් දූපත ඉලක්ක කරමින් දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවයි පවසා ඇත්තේ.

ඉරානයේ බොරතෙල් අපනයන සියල්ලම පාහේ හසුරුවන ඛාර්ග් දූපතේ හමුදා ඉලක්කවලට මැද පෙරදිග ඉතිහාසයේ බලවත්ම බෝම්බ ප්‍රහාරවලින් එකක් දියත් කර ඇති අතර හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම විනාශ වූ බව ඔහු Truth Social තුළ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිතාමතාම එම දූපතේ තෙල් යටිතල පහසුකම් ඉලක්ක නොකළ බවයි ට්‍රම්ප් ඔහුගේ පණිවිඩය ඔස්සේ පවසා ඇත්තේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා වල ආරක්ෂිත ගමන් මාර්ගයට ඉරානය හෝ වෙනත් පාර්ශවයක් බාධා කළහොත් එම තීරණය නැවත සලකා බලන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

ඔහු එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අපට පහර දීමට අවශ්‍ය කිසිදු ඉලක්කය ආරක්ෂා කර ගැනීමට ඉරානයට හැකියාවක් නොමැති බවයි.

ඉරාන හමුදාව සහ මෙම ත්‍රස්තවාදී පාලනයට සම්බන්ධ අනෙකුත් සියල්ලන්ම තම ආයුධ බිම තබා තම රටේ ඉතිරිව ඇති දේ බේරා ගැනීම ඥානවන්ත වනු ඇතැයි උපකල්පනය කරන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

ඉරාන ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ සමුද්‍රීය ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි වාර්තා වන්නේ. එය සාමාන්‍යයෙන් ගෝලීය බොරතෙල් සහ ද්‍රව ස්වාභාවික වායු වලින් පහෙන් එකක් ගමන් කරනු ලබන තෙල් ගමනාගමනයේ කේන්ද්‍රස්ථානය වෙනවා.

Latest News

error: Content is protected !!