ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත 2026 ඔස්කාර් (Academy Awards) උළෙලට පෙර ආරක්ෂාව දැඩි ලෙස වැඩි කර ඇති බව වාර්තා වෙනවා.
ඉරානයෙන් කැලිෆෝනියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට FBI (The Federal Bureau of Investigation) ආයතනයෙන් සිදු කෙරුණු අනතුරු ඇඟවීම ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.
FBI විසින් ඉකුත් දා කැලිෆෝනියා පොලිස් බලධාරීන්ට දැනුම් දී තිබුණේ, ඉරානය ඇමරිකානු හමුදා ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාරයක් ලෙස වෙස්ට් කෝස්ට් ප්‍රදේශයට ඩ්‍රෝන් ප්‍රහාරයක් සිදු කිරීමට සලකා බැලිය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම අනතුරු ඇඟවීම සත්‍ය බව තහවුරු නොවූ තොරතුරක් මත පදනම්ව ඇති බවත්, ප්‍රහාරයකට සම්බන්ධ නිශ්චිත ස්ථානයක් හෝ වේලාවක් පිළිබඳ තොරතුරු නොමැති බවත් සඳහන් කර තිබුණා
ඔස්කාර් උළෙලට දැඩි ආරක්ෂාවක් ලබා දීමට සංවිධායකයින් කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
උළෙල පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් හි Dolby රඟහලේදීය.
උළෙලේ ආරක්ෂාව සඳහා ලොස් ඇන්ජලීස් පොලිසිය, FBI, පෞද්ගලික ආරක්ෂකයින්, ඩ්‍රෝන් නිරීක්ෂණ, සහ බෝම්බ සොයන සුනඛයන් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
