ඉරාකයේ අගනුවර අමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසා තිබෙනවා.

මිසයිලයක් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට වැදීමෙන් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලෙන් දුමක් නැඟුනු බවයි රොයිටර් සේවය වාර්තා කර තිබෙන්නේ.

එක් මිසයිලයක් ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයක් (Helipad) ඉලක්ක කර පහර දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉරානයට සහාය දක්වන සටන්කරුවන් දෙදෙනෙක් බැග්ඩෑඩ් නගරය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වීමෙන් කෙටි වේලාවකට පසු මෙම ප්‍රහාරය එල්ල වූ බවයි එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Latest News

error: Content is protected !!