කරූර් දිස්ත්‍රික්කයේ වේලුසාමිපුරම් හි තලපති විජේගේ දේශපාලන රැලියක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 60 කට වැඩි දෙනෙකු තුවාල ලැබූ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන ආයතනය (CBI) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනයට සහභාගි වීම සඳහා තලපති විජේ චෙන්නායි සිට දිල්ලි බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
පසුගිය දිනවල, ඔහු CBI වෙත පැමිණීම සඳහා දින 15ක නිදහස් කාල සීමාවක් ඉල්ලා සිටි බව ද වාර්තා වුණා. එහෙත්, 2026 මාර්තු 14 සෙනසුරාදා ඔහුගේ නිවසෙන් පිටව ගුවන් තොටුපළ වෙත යන වීඩියෝවක් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වී තිබෙනවා.
ඔහුගේ විමර්ශනය මාර්තු 15 දින දිල්ලි CBI කාර්යාලයේ සිදු වීමට නියමිතය.
විජේගේ කරූර් රැළිය තමිල්නාඩු මහ මැතිවරණයට පෙර ඔහුගේ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය විසින් සංවිධානය කර තිබුණා. ඒ අනුව 2025 සැප්තැම්බර් 27 දින එම රැළිය පැවති ස්ථානයට10,000ක ජනකායක් රැස්වීමට අවසර තිබුණද 27,000ත් 50,000ත් අතර ජනකායක් විජේ දැක බලා ගැනීම සඳහා රැස්වීමෙන් විශාල තෙරපීමක් ඇති වී තිබුණා.
සිද්ධියෙන් පසු, විජේ ඔහුගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සිදුවූ ජීවිත අහිමිවීම් පිළිබඳව කණගාටුවන බව පවසමින් X සටහනක් යෙදුවත් ඔහුට එරෙහිව දරුණු විවේචන එල්ල වන ආකාරයයි දැකගත හැකි වුණේ. ඔහු පොලිස් නියම හා රථවාහන නීති උල්ලංඝනය කළ බවටත් රැස්වන බවට අපේක්ෂා කළ විශාල ජනකායට අවශ්‍ය පහසුකම් සැලසුවේ නොමැති බවටත් චෝදනා එල්ල වුණා.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාර්ලින් විසින් විජේට එරෙහිව මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා කොමිසමක් ද පිහිටවනු ලැබුවේ ඒ අනුවයි.
මේ අතර ඔහුගේ බිරිඳ සංගීතා සොර්ණලිංගම් විසින් ද ඔහුට එරෙහිව චෙන්ගල්පට්ටු පවුල් අධිකරණයේ විවාහය අවසන් කිරීමේ නඩුවක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය එම නඩුව ඔස්සේ ඔහු විවාහයෙන් පිටත ක්ෂේත්‍රයේ නිළියක සමඟ සම්බන්ධතාවක් පවත්වන බවට සෘජුවම චෝදනා එල්ල කර තිබෙනවා.
