ඛාර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට හානියක් නැහැ.. ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි

කාර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ Fars ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ එක්සත් ජනපද ප්‍රහාර අතරතුර දිවයිනේ පිපිරීම් 15 කට වැඩි ප්‍රමාණයක් සිදු වුණු බවයි.

ප්‍රහාර එල්ල වූයේ ගුවන් ආරක්ෂක, නාවික කඳවුරක්, ගුවන් තොටුපළ පාලන කුළුණක් සහ හෙලිකොප්ටර් අංගනයක් ඉලක්ක කරගෙන බව බව ඒජන්සිය ටෙලිග්‍රෑම් හි සටහනක සඳහන් කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth ඔස්සේ පණිවිඩයක් තබමින් එක්සත් ජනපද හමුදාව ඉරානයේ ඛාර්ග් දූපතට බෝම්බ හෙලා හමුදා කඳවුරු සම්පූර්ණයෙන් විනාශ කළ බවය නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත් තෙල් යටිතල පහසුකම් ඉලක්ක නොකළ බවත් හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට තවදුරටත් බාධා කරන්නේ නම් ඛාර්ග් දූපතේ තෙල් සම්පත්වලටද ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවයි පවසා තිබුණේ.

ඉරානයේ තෙල් අපනයනයෙන් 90% ක් පමණ රඳා පවතින්නේ ඛාර්ග් දූපත ආශ්‍රිතවය.

Latest News

error: Content is protected !!