හෝමූස් විවෘතව තබා ගැනීමට යුද නැව් එවන්නැයි ට‍්‍රම්ප් රටවල් ගණනාවකින් අයදියි

හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව නැව්ගත කිරීම සඳහා විවෘත කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට සහයෝගය ලබා දෙමින් යුද නැව් ගල්ෆ් කලාපය වෙත යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගත් උත්සාහයෙන් පීඩාවට පත් රටවල් ගණනාවකින් ඉල්ලීමක් කර තිබෙනවා.

“අපි දැනටමත් ඉරානයේ හමුදා හැකියාවෙන් 100% ක් විනාශ කර තිබෙනවා. නමුත් ඔවුන් කොතරම් දරුණු ලෙස පරාජයට පත් වුවද ඩ්‍රෝන යානයක් හෝ දෙකක් යැවීම, බිම්බෝම්බයක් හෙළීම හෝ කෙටිදුර මිසයිලයක් මෙම ජල මාර්ගයේ කොතැනකට හෝ එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ”

එබැවින් මෙම කෘත්‍රිම සීමාවෙන් බලපෑම් ඇතිවන චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල්, මෙම ප්‍රදේශයට නෞකාවන් යවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ට්‍රම්ප් එහි සඳහන් කර ඇත්තේ.

එවිට දැඩි ලෙස විනාශ වූ රටකින් තවදුරටත් හෝමූස් වෙත තර්ජනයක් එල්ල නොවන බවට සහතික විය හැකි යැයි ට්‍රම්ප් එහි සඳහන් කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිදු කරන්නේ බටහිර ආසියාවේ යුද්ධය එහි 15 වන දිනට පිවිසීමෙන් අනතුරුවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන තෙල් නෞකාවලට ආරක්ෂාව සැපයිම සඳහා අමෙරිකාව අතිරේක හමුදා බල ඇණියක් මේ වන විටත් ගල්ෆ් කලාපයට පිටත් කර අවසන් බව ද අමෙරිකාව මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!