ඊශ්‍රායල අගමැති නෙතන්යාහු මිය ගිහින්ද?

2026 මාර්තු 14 වනදා සමාජ මාධ්‍ය තුළ විශාල කලබලයක් ඇති කරමින් ප්‍රචාරය වූ පුවතකින් කිය වුණේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මිය ගොස් ඇති බවයි.

එම පුවත ප්‍රචාරය වීමට පටන් ගැණුනේ නෙතන්යාහු මහජනතාව අමතා සිදු කළ පණිවිඩයක වීඩියෝවක් සමාජ මාධයවල පළ වීමත් සමඟයි.

එම වීඩියෝ පළ වීමෙන් පසු එය කෘතිම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ එකක් බවටත් එහි අගමැතිවරායගේ අතක ඇඟිලි හයක් පෙන්නුම් කරන බවටත් සමාජ මාධ්‍යවල කතා පැතිර ගියා.

එම වීඩියෝව අගමැතිවරයාගේ නිල ප්‍රකාශයක් ලෙස එළිදැක්වූවක්ද? එසේ නම් ඔහු මියගොස් ඇත් ද? යන්න සම්බන්ධයෙන් විවිධ සැක සංකා පළ වීමට ද ඒ සමඟ පටන් ගැනුණා.

කෙසේ වෙතත් fact-check කිරීමේ සංවිධාන මෙම ප්‍රකාශයන් ඉක්මනින්ම අසත්‍ය පුවතක් බව අනාවරණය කර තිබෙනවා.

AI chatbot එකක් වන Grok AI chatbot ද පැහැදිලි කර තිබුණේ නෙතන්යාහුට සාමාන්‍ය පුද්ගලයන් මෙන්ම අත් දෙකේම ඇඟිලි පහක් පමණක් ඇති බවයි.

කැමරා කෝණය සහ දෘශ්‍ය විකෘතියක් නිසා ඇඟිලි 6ක් තිබෙන ලෙස එය පෙන්නුම් කරන බව එය සඳහන් කර තිබෙනවා.

එම කාලය තුළම සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ තවත් පුවතකින් කියැවුණේ “නෙතන්යාහු මියගොස් ඇති අතර ඔහුගේ නිල X ගිණුමෙන් පණිවිඩයක් මකා දමා ඇත” යනුවෙනි.

එම ප්‍රචාරයට සහාය ලෙස කෘතිමව සකස් කළ බවට සැක කරන ස්ක්‍රීන්ශොට් එකක් ද පළ කර තිබුණා.

නමුත් fact-check සංවිධාන වන Snopes සහ The Times of Israel පැහැදිලි කළේ එම පණිවිඩය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවයි. නෙතන්යාහුගේ නිල ගිණුමෙන් එවැනි පණිවිඩයක් කිසිදා පළ වී නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා.

නෙතන්යාහුගේ කාර්යාලය පැහැදිලි කර ඇත්තේ ඔහුට හෝ ඔහුගේ පවුලට එරෙහිව කිසිදු ප්‍රහාරයක් සිදුවී නොමැති බවයි. එවැනි ප්‍රචාර “ව්‍යාජ ප්‍රවෘත්ති” බවයි ඔහුගේ නිල කාර්යාලය සඳහන් කර ඇත්තේ.

නිල ප්‍රකාශයන් සහ නවතම වීඩියෝ පණිවිඩ අනුව බෙන්ජමින් නෙතන්යාහු මේ වනවිටත් ඊශ්‍රායලය තුළ සිට රජයේ කටයුතු සහ හමුදා මෙහෙයුම් මෙහෙයවමින් සිටින බව තහවුරු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!