බොලිවුඩයේ Mr Perfectionist, 61 වැනි උපන්දිනය සැමරුවා.
Lagaan, Dangal, 3 Idiots වගේ චිත්‍රපටවලින් අපේ ජීවිතවලටත් විශාල බලපෑමක් කළ නළුවා ඔහුයි.
අමීර් ඛාන්ගේ උපන්දිනය ඔහුගේ සමීපතම ආදරණීයන් කිහිප දෙනෙකු සමඟ ගත කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ඔහුගේ පෙම්වතිය වන ගෞරි ස්ප්‍රැට්, දරුවන් වන ජුනයිඩ්, ඊරා සහ අසාද් එහි සිටි බව පැවසෙනවා.
රංගන කාර්යයේ දී කිසිදු වැරදීමකට ඉඩක් නොතබන ඔහුගේ ජීවිතයට කිසිදු වරදක් නොවන සුබ උපන්දිනයක් වේවා!
