මොජ්ටබා ජීවතුන් අතර සිටීද යන්න සැක සහිත බව ට්‍රම්ප් පවසයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා කමේනි ජීවතුන් අතර සිටීද යන්න පවා සැක සහිත බව ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ NBC සමඟ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ පිළිතුරක් ලබා දෙමිනි.

“ඔහු ජීවතුන් අතර සිටීදැයි මම නොදනිමි. මෙතෙක් කිසිවෙකුට ඔහුව පෙන්වීමට හැකියාවක් ලැබී නැහැ.”

පසුගිය දා ඔහුගේ පළමු මහජන ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය තුළ නිවේදකයකු ලවා කියවීම හා ඔහු පෙනී නොසිටීම එම සැකය තහවුරු කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

“ඔහු ජීවතුන් අතර නැති බව මට ආරංචියක් ලැබී තිබෙනවා. ඔහු ජීවතුන් අතර සිටී නම්, ඔහු තම රට වෙනුවෙන් ඉතා බුද්ධිමත් දෙයක් කළ යුතුයි, ඒ යටත් වීම” යයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර එක්සත් ජනපදය මොජ්ටබා කමේනි ඇතුළු ඉරනයේ ඉහළ පෙළේ නායකයින් පිළිබඳ තොරතුරු ලබා දෙන අයට ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබා දෙන බව ද සඳහන් කර තිබුණා.

Latest News

error: Content is protected !!