2026 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පූර්ව තරගයක් සඳහා සහභාගීවීමට ඉරාකයේ ජාතික පාපන්දු කණ්ඩායම මෙක්සිකෝව වෙත පෞද්ගලික ගුවන් යානයකින් යාමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.
ගල්ෆ් කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද ගැටුම් හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරු වන ග්‍රැහැම් ආර්නොර්ල්ඩ් (Graham Arnold) මෙම තරඟය කල්දමන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.
2026 FIFA ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අන්තර්මහාද්වීප play-off තරඟය මාර්තු 31 දින මොන්ටෙරි Monterrey නගරයේදී පැවැත්වීමට නියමිතය.
එහිදී ඉරාකය බොලීවියා හෝ සුරනාම් යන කණ්ඩායම්වලින් එකක් සමඟ තරඟ වැදීමට නියමිත අතර ජයග්‍රාහකයා 2026 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගනී.
කෙසේ වෙතත් පෙබරවාරි 28 සිට මැදපෙර දිග කලාපයේ බොහෝ ප්‍රදේශවල ගුවන් අවකාශය වසා දමා ඇති බැවින් ගමන සැලසුම් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉරාක පාපන්දු සංගමයේ සභාපති Adnan Dirjal FIFA වෙත ලිපියක් යොමු කරමින් යුද්ධ තත්ත්වය හේතුවෙන් ගමන් කිරීමේ අපහසුතා පිළිබඳ පැහැදිලි කර ඇති බවද වාර්තා වෙනවා.
