මිය ගිය බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබෙන අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැෆේ එකකින් මතු වී ජනතාව සමඟ කතා බහ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ වී තිබෙනවා.
එහි හීබෲ භාෂාවෙන් ඔහු “මම මැරුණා… කෝපි වෙනුවෙන්” යයි සඳහන් කර ඇත්තේ ජනතාව වෙත විහිළු තහළු ද කරමිනි. හීබෲ භාෂාවෙන් එය ඉතාම කැමති දෙයක් හඟවන්නක් වන අතර “මම මගේ ජනතාව වෙනුවෙන් ‘මැරෙන්න’ සූදානම්. ඔවුන්ගේ හැසිරීම අතිශය විශිෂ්ටයි” යනුවෙන් නෙතන්යාහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඔහු මියගිය බවට මත පළවූ වීඩියෝවේ ඔහුට ඇඟිලි හයක් තිබෙන බවට මතු වූ ගැටලුවලට ද පිළිතුරක් ලබා දෙමින් ඔහුගේ අත් දෙකේම ඇඟිලි හොඳින් පවතින බවයි ඔහු පවසන්නේ.
මේ අවස්ථාවේ ඊශ්‍රායල ජනතාවට පණිවිඩයක් දෙමින් “පිටතට ගොස් ටිකක් පිරිසිදු වාතය ගන්න. නමුත් සෑමවිටම ආරක්ෂිත ස්ථානයක් අසල සිටින්න. ඔබගේ ධෛර්යය මටත්, රජයටත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවටත් මොසාඩ් වෙතත් විශාල ශක්තියක් බව ඔහු කියා සිටියා.
“අපි මේ මොහොතේ හෙළි කළ නොහැකි කටයුතු කිහිපයක් සිදුකරමින් සිටිනවා. නමුත් අදත් අපි ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා. ඔබ මට ඉදිරියට යන්න කියනවාද? මම ඔබට කියන්නේ, ඔබත් ඉදිරියට යන්න” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
මේ අතර ඔහු ජීවතුන් අතර සිටින බවට වන ප්‍රකාශයට ඊශ්‍රායල විප්ලවීය ආරක්ෂක හමුදාවෙන්ද ප්‍රතිචාරයක් ලබා දී තිබෙනවා.
ඉරාන විප්ලවීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් “අපේ දරුවන් ඝාතනය කරන අපරාධකරුවා ජිවතුන් අතර නම් නම්, අපි ඔහු පසුපස යමින් ඔහුව ඝාතනය කිරීමට පියවර ගන්නවා” යැයි අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
