ඉරානය සමඟ ඇති යුද්ධය තවත් සති 4 සිට 6 අතර කාලයකින් අවසන් විය හැකි බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය වන පෙන්ටගනය (Pentagon) ඇස්තමේන්තු කර ඇති බව ධවල මන්දිර මූලාශ්‍රයක් සඳහන් කර තිබෙනවා.
ඇමරිකානු ජාතික ආර්ථික සභාවේ ප්‍රධානියා වන කෙවින් හසෙට් (Kevin Hassett) මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
යුද්ධය අවසන් වූ වහාම ලෝක ආර්ථිකය තුළ “විශාල ධනාත්මක බලපෑමක්” ඇති විය හැකි බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
කෙවින් හසෙට් වැඩිදුරටත් පැවසුවේ, 1970 දශකයේ පැවති බලශක්ති අර්බුද සමයේ තිබූ බලපෑමට සාපේක්ෂව ඉරානයට මේ වන විට ගෝලීය ආර්ථිකය මත ඇති බලපෑම ඉතා අඩු බවයි.
ඉරානය ඇමරිකානු ආර්ථිකයට හානි කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පසුබැසීමට බල කරන්නේ නම් එය “අතිශය මෝඩ අදහසක්” බවද ඔහු පවසා තිබෙනවා.
