98 වැනි ඔස්කාර් (Academy Awards) උත්සවය හොලිවුඩ් හි Dolby රඟහලේ දී ඊයේ (15) නිමාවට පත් වුණා. 2025 වසරේ නිකුත් වූ චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන ප්‍රදානය එහිදී සිදු කෙරුණා. මෙවර උත්සවයේ වැඩිම අවධානයක් දිනාගත්තේ “One Battle After Another” චිත්‍රපටයයි. එය උළෙලේ හොඳම චිත්‍රපටය Best Picture ඇතුළු සම්මාන 6ක් දිනා ගැනීමට සමත් වුණා.
🏆 උළෙලේ ප්‍රධානම ජයග්‍රාහකයෝ
හොඳම චිත්‍රපටය – One Battle After Another
හොඳම අධ්‍යක්ෂක – පෝල් තොම්සන් ඇන්ඩර්සන් – Paul Thomas Anderson (One Battle After Another)
හොඳම නළුවා – මයිකල් බී ජොර්ඩන් – Michael B. Jordan (Sinners)
හොඳම නිළිය – ජෙසී බක්ලි – Jessie Buckley (Hamnet)
හොඳම සහාය නළුවා – ෂෝන් පෙන් Sean Penn (One Battle After Another)
හොඳම සහාය නිළිය – එමී මැඩිගන් Amy Madigan (Weapons)
🎥 වෙනත් වැදගත් සම්මාන
හොඳම තිර රචනය – Ryan Coogler (Sinners)
හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය – Sentimental Value (නෝර්වේ)
හොඳම සජීවිකරණ චිත්‍රපටය – KPop Demon Hunters
හොඳම වාර්තාමය විශේෂාංගය – Mr. Nobody Against Putin
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Avatar: Fire and Ash
“Sinners” චිත්‍රපටය නාමයෝජනා 16 ක් ලබා ගනිමින් මෙවර වැඩිම නාමයෝජනා ලැබූ චිත්‍රපටය බව්ට පත් වීමද විශේෂත්වයකි. එය සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා.
