රජයේ සේවකයින්ට සතියේ බදාදා දිනවල නිවාඩු.. රාජ්‍ය උත්සව අවලංගුයි..

2026 මාර්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රජයේ සේවකයින් සඳහා සෑම සතියකම බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නිවේදනය දැනුම් දෙමින් සඳහන් කළේ රට තුළ පවතින ඉන්ධන සීමාවන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා, වරාය, ජල සම්පාදන සහ රේගු ඇතුළු අංශ සඳහා නිවාඩු දිනය අදාළ නොවන බව ඔහු පැහැදිලි කරනු ලැබුවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට අනුව, රජයේ සේවකයින්ට අමතරව, සියලුම රජයේ පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෞද්ගලික ආයතන ද එම පියවර අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බව නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා.

එපමණක් නොව, රටේ පවතින ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම රජයේ උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.

Latest News

error: Content is protected !!