ට්‍රම්ප් ඛාර්ග් දූපත ආක්‍රමණය කිරීමට සැරසේ.. වෙන විනාශය හිතාගන්නත් බැරි වේවි..

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් වර්ධනය වන බලශක්ති අර්බුදයක් මධ්‍යයේ, ඉරානයේ බොරතෙල් අපනයන සියල්ලම පාහේ හසුරුවන ගල්ෆ් කලාපයේ ප්‍රධානතම තෙල් අපනයන මූලස්ථානය වන ඛාර්ග් දූපත ‘Kharg Island’ අත්පත් කර ගැනීමේ හැකියාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා.

ඇමරිකාව ඛාර්ග් දූපත අල්ලා ගැනීමට සලකා බලන්නේ ඇයි?

ඉරානය ගල්ෆ් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ලෝකයේ බොරතෙල් සැපයුමෙන් සැලකිය යුතු කොටසක් හිරවීම නිසා ගෝලීය තෙල් අර්බුදයක් ඇති වී තිබෙනවා.

අවහිරය පවතින තාක් සහ ගල්ෆ් තෙල් සීමා කර ඇති තාක් කල්, ඇමරිකානු නායකයාට අවශ්‍ය වුවද යුද්ධය අවසන් කළ නොහැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එබැවින් ට්‍රම්ප් ඉරානයට ආර්ථිකව දැඩි පහරක් එල්ල කිරීමේ අරමුණෙන් ඛාර්ග් දූපත අල්ලා ගැනීමේ විකල්පය සලකා බලමින් ඇති බව ඇමරිකානු නිලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම දූපත පාලනය කරගැනීමෙන් ඉරානයට ලැබෙන තෙල් ආදායම සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි බව ඔවුන්ගේ අදහස බවයි සඳහන් වන්නේ.

ඛාර්ග් දූපත ඉරාන භූමියෙන් කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි දූපතකි. ඉරානයේ තෙල් අපනයන වලින් 90%ක් සිදුවන්නේ එහිය. එය ඉරානයේ ආර්ථිකය කිරීටයේ මැණික “crown jewel” ලෙස සලකන ප්‍රධාන ආදායම් මූලාශ්‍රයකි.

විශ්ලේෂකයන් අනුව, ඇමරිකාව එම දූපත අල්ලා ගැනීමට තීරණය කළහොත් ඇමරිකානු හමුදා ඒ වෙත ගොඩ බැස්සවිය යුතුය. එවැනි තත්ත්වයක් සිදු වුවහොත් ඉරානය විසින් ගල්ෆ් කලාපයේ තෙල් පහසුකම් වලට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිය. විශේෂයෙන් සෞදි අරාබියවැනි රටවල තෙල් නල මාර්ග සහ පහසුකම් ඉලක්ක වීමේ ඉඩකඩක් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Latest News

error: Content is protected !!