මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කිරුළු නොපළන් රජු ‘ඩිකැප්‍රියෝ’ පළමුවරට පෙම්වතිය සමඟ පෙනී සිටී..

අමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් හි ඊයේ (15) අවසන් වුණු 98 වැනි ඔස්කාර් රාත්‍රියේ කිරුළු නොපළන් රජු වූයේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ‘Leonardo DiCaprio’ ය.

2025 වසරේදී වඩාත් කතාබහට ලක් වූ “One Battle After Another” චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 6ක් දිනාගද්දී හොඳම නළුවා සම්මානය ඩිකැප්‍රියෝ වෙත අහිමි වුණේ කෙස් ගහක පරතරයකිනි. ඔහුගේ නම හොඳම නළුවා ලෙස නිර්දේශ වුවත් අවසානයේ එය ඔහුගෙන් ගිලිහී ගොස් Sinners චිත්‍රපටයේ මයිකල් බී ජොර්ඩන් ‘Michael B. Jordan’ වෙත හිමි වුණා.

ඩිකැප්‍රියෝට හොඳම නළුවා සම්මානය දිනාගැනීමට නොහැකි වුවත්, ඔහුගේ චිත්‍රපටය එදින රාත්‍රියේ වැඩිම සාර්ථකත්වයක් දිනාගත් චිත්‍රපටය වෙද්දී ඩිකැප්‍රියෝ වෙනත් සම්මානයක් හිමි කරගෙන සිටින ආකරය ද මාධ්‍යවල විශේෂ අවධානයකට ලක් වුණා.

එම සම්මානය නම් වෙන කිසිවක් නොව ඔහුගේ පෙම්වතිය බවට කතා පළවන ඉතාලි නිරූපිකා විටෝරියා සෙරටි ‘Vittoria Ceretti’ ය.

ඩිකැප්‍රියෝ ඔහුගේ පෙම්වතිය බව කියන විටෝරියා සමඟ ප්‍රසිද්ධියේ එකට සම්මාන උළෙලකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඩිකැප්‍රියෝ Red Carpet මත තනිව පෙනී සිටිය ද පසුව දෙදෙනාම එකට අසුන් ගෙන සිටින ආකාරයයි දක්නට ලැබුණේ.

ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ පුවත මුලින්ම පළ වුණේ 2023 අගෝස්තු මාසයේදීය. Ibiza දූපතේ නයිට් ක්ලබ් එකක එකට නටමින් සිටි අවස්ථාවක් ඔවුන් ප්‍රේම සබඳතාවක් පවත්වන බවට කතා පැතිර යාමට හේතු වුණා.

කෙසේ වෙතත් ඉන්පසු ඔවුන් එය මාධ්‍ය අවධානයට දුරින් තබා ගැනීමට බෙහෙවින්ම පරිස්සම් වූ බවයි වාර්තා වුණේ.

Latest News

error: Content is protected !!