“මම කුඩා කාලයේ K-Pop වලට ආදරය කරන නිසා මට ගොඩක් අපහාස විඳින්න සිදු වුණා.” – EJAE කඳුළු සලමින් කළ කතාව
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී KPop Demon Hunters චිත්‍රපටය සහ එහි ප්‍රධාන ගීතය “Golden” ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.
98 වැනි Academy Awards උළෙලේදී “Golden” ගීතය Best Original Song සම්මානය දිනා ගනු ලැබුවේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු K-Pop ගීතය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
චිත්‍රපටයේ K-Pop ත්‍රිත්වයට හඬ කැවූ ඊජේ ‘EJAE’, ඔඩ්‍රි නූනා ‘Audrey Nuna’, රේ අමී Rei Ami, උළෙල අතරතුර Dolby රඟහලේ දී ගීතය සජීවීව ගායනා කළේ මුළු හොලිවුඩයම K-Pop සමඟ මුසු කරවමිනි.
මෙවර උළෙලේදී අමුත්තන්ට K-Pop lightsticks ලබාදීමද විශේෂ සිදුවීමක් වුණා.
ලියනාඩෝ ඩිකැප්‍රියෝ, මයිකල් බී ජෝර්ඩන්, එමා ස්ටෝන්, ස්ට්වීන් ස්පිල්බර්ග් පවා lightsticks ඔසවා ගීතයට අනුගතව ප්‍රතිචාර දැක්වූ බවයි වර්තා වුණේ.
KPop Demon Hunters මෙවර ඔස්කාර් උළෙලේදී හොඳම සජීවිකරණ චිත්‍රපටය හා හොඳම ගීතය යන සම්මාන දෙකම දිනා ගැනීමට සමත් වුණා.
ගීතය රචනා කළ සහ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට හඬ දෙන EJAE සම්මානය ලබා ගෙන කඳුළු සලමින් කළ කතාවද ඉතාම සංවේදී එකකි. “මම කුඩා කාලයේ K-Pop වලට ආදරය කරන නිසා මට ගොඩක් අපහාස විඳින්න සිදු වුණා. අද ලෝකයම අපේ ගීතය ගායනා කරනවා.”
ඇය දකුණු කොරියාවේ ප්‍රසිද්ධ K-Pop සංගීත ආයතනයක් වන SM Entertainment හි පුහුණු ගායිකාවක ලෙස ලෙස වසර 12ක් පුහුණුව ලැබුවත් ප්‍රධාන පෙළේ කණ්ඩායමකට තෝරා ගෙන තිබුණේ නැහැ.
කෙසේ වෙතත් පසුව ඇය ගීත රචකාවියක් ලෙස සාර්ථකවී Red Velvet, TWICE, aespa වැනි K-Pop කණ්ඩායම් සඳහා ගීත රචනා කරනු ලැබුවා.
Netflix අනුව, මෙම චිත්‍රපටය මිලියන 500කට වැඩි නැරඹීම් ලබාගෙන ඇති අතර Netflix හි වැඩිම නරඹන ලද animated චිත්‍රපටය බවට ද පත්ව තිබෙනවා.
