ජවිපෙට අද දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලිසන් දී තියෙනවා..

උද්ගත වී ඇති උග්‍ර තෙල් හිඟය පිළිබඳ ප්‍රකාශයක් කරමින්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහයන් තුනක්ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසා තිබෙනවා.

ඒවා සංවර්ධනය කර තිබුණි නම් තෙල් ටැංකි වල අයිතිය කාට තිබුණත් මෙවැනි අවස්ථාවක එහි ප්‍රයෝජනය ලැබෙන්නේ මෙරට ජනතාවට බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා තුනකදීම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම් නිසා අතහැර දැමීමට සිදුවූ බව ඔහු පවසනවා.

ඔහු වැඩිදුරත් ඒ පිළිබඳ විස්තර කර තිබුණේ මෙසේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ 2002-2004 යුගයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට විධි විධාන යෙදුවා. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ව්‍යාජ භීතියක් මවමින් ඒ කටයුතු අඩාල කරනු ලැබුවා.

නැවත වතාවක් 2015-2020 කාල වකවානුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය රජයේද සහාය ඇතිව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම නිසා එම කාර්යයත් යටපත්ව ගියා.

නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2022-2024 වකවානුවේදී තෙල් ටැංකි සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයන් නිසා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ.

මේ අවස්ථා තුනෙන් එකකදී හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබුණා නම් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ඉඩ ලැබෙනවා.

එම ටැංකිවල අයිතිය කාට තිබුණත් ඒවායේ තිබෙන තෙල් වල හිමිකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවටයි. අර්බුදකාරී අවස්ථාවක ඉතා සුමටව ඊට මුහුණ දීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකිය යොදා ගැනීමට අවස්ථාව තිබුණා. ඒ මහඟු අවස්ථා තුනම කඩාකප්පල් කරන ලද ජනතා විමුක්ති පෙරමුණට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දී තිබෙනවා.

වැඳ වැඳ ඉන්න වෙනවා මිනිස්සුන්ට කන්න ටික දෙන්නත්. ඉතිං ඒ බව දැන දැනත් ආණ්ඩුව ගොවිජනතාවගේ ආර්ථිකය වට්ටන්න කටයුතු කරනවා. දැන් ඉතින් ඒ වෙනස පේනවනේ ගොවියට තියෙන තත්වයත් මෝල්හිමියට තියෙන තත්ත්වයක් බැලුවම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳටම පේනවා. ඉතින් පැහැදිලිවම අපිට ඉදිරි කාල සීමාව තුළ ගොවි ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වෙච්ච හානිවලට වන්දි ගෙවා ගන්නත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනවා. ඉතින් මෙවැනි පරිසරයක ගොවි ජනතාව විශාල අසීරුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් මේ කාරණය ඇතුළෙදි ඉදිරියේදී පාරිභෝගිකයටත් මේකට මුහුණ දෙන්න සිද්ධ වේවි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වෙලාවේ අපි පුනර්ජනනීය ශක්තියට ආයෝජනය කරන්න සුළං විදුලි බලාගාරවලට ආයෝජකයෝ ගෙනල්ලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන්න හැකිතාක් උත්සාහ කෙරුවේ මේ ලෝකයේ ඉදිරියේ ඇතිවෙන්න පුළුවන් අභියෝග පිළිබඳව යම් අවබෝධයක් ඇතිව. ඉතින් මේ ආණ්ඩුව බලයට ආවම ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ ව්‍යාපෘති නවත්තලා ආයෝජකයෝ එළවලා දැම්මා. දැන් ඩීසල් වලින් ඩීසල් මාෆියාව එක්ක ආණ්ඩුව කටයුතු කරනවා.

Latest News

error: Content is protected !!