කයිවාරු වලින් පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස දුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයිඑම්එෆ් තාලවලට පාද තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිව හදිසි ලෝක තත්ත්වයක් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදයට මුහුණ දීගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන්ගෙන ඇතැයි විමල් වීරවංශ පවසනවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබියදී මෙරට පාලකයන් පූර්ව පියවර ගැනීම වෙනුවට පුරසාරම් දොඩමින් සිටි බව ඔහු මෙහිදී පැවසුවා.
1970 දශකයේ අග භාගයේ දී එවකට මුදල් ඇමැති රෝනිද මැල් මහතා යුක්‍රේනයේ නියඟයක් ඇතිවන බවට වූ එක් සඟරා ලිපියක් ඇසුරින් තිරිඟු පිටි හිඟයක් සහ ඩොලරයේ අගය ඉහළ යන බව පූර්වකථනය කරමින් රට ආරක්ෂා කළ ආකාරය ද ඔහු පෙන්වා දී තිබෙනවා.
එහෙත් වත්මන් “හුණ්ඩු පාල” පාලකයින්ට එවැනි කිසිදු දැක්මක් නොමැති බවට ඔහු චෝදනා කර සිටිනවා.
රුසියාව විසින් මෙරටට පිරිනැමූ කුඩා පරිමානයේ න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය ඇමරිකාවට ඇති බය නිසා ප්‍රතික්ෂේප කළ ආණ්ඩුව දැන් තෙල් සහ පොහොර ඉල්ලා රුසියාව හමුවේ වැඳ වැටෙමින් සිටින බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.
එසේම ආණ්ඩුවට මිත්‍ර රටවල් සමග පවතින සබඳතා බොහොමයක් බිඳ වැටී ඇති බවත් ඇමෙරිකානු එක්සත් ජනපදයේ යුද නාවික යාත්‍රා සහ ප්‍රහාරක ගුවන් යාත්‍රා මෙරට ගුවන් තොටුපළ හා වරායවල් වෙත ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන සාකච්ඡා ද මේ වන විට සිදු වෙමින් පවතින්ස් බව ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ මෙසේය.
රැසියාව කියනවා මුදල් කලින් ගෙවන්න රූබල් වලින් හෝ යුවාන් වලින් ගෙවන්න ඩොලර් වලින් බැහැ කියලා. ඒ ගෙව්වත් මාසයක් යනවා තෙල් දෙන්න කියලා. ආණ්ඩුවේ උද්දච්ච මහ බැංකු අධිපති කලින් කිව්වෙ රූබල්වත් යුවන්වත් බැහැ කියලා. දැන් යුවාන් එකට ලෝකේ ඉල්ලුම වැඩි වෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධියෙන් තෙල් ගේන්න පුළුවන් යුවාන් වලින් විතරයි. ඩොලර් ආධිපත්‍ය බිඳ වැටෙනවා. ඒ නිසා ඩොලර් සංචිත නො යුවාන් වගේ මුදල් සංචිත තියාගන්න ඕනේ. ඒකවත් මේගොල්ලන්ට තේරෙන්නෙ නැහැ.
